COVID-19 වයිරසයෙන් ආරක්ෂා වීමට ඔබට කලහැක්කේ ඉවසීමෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරගෙන නිවසටම වී සිටීමයි. ඒ අතර ඔබේ දැනුම වර්දනය කරගැනීමට මෙම වෙබ් අඩවිය පිටිවහලක් කරගන්න. | මෙම වෙබ් අඩවියට අලුතින් එකතු වන සාමාජිකයින්ව Activity Page එක තුලින් Welcome Message එකක් එක් කරමින් පිළිගන්න.

<del> and <ins> in HTML

<del> සහ <ins> සාමාන්‍යයෙන් එකට use කරන tags 2ක්.

<del> - delete

<ins> - insert

මේ tags යොදා ගන්නේ html document එකකට කරන updates , modifications එහෙම පෙන්නන්න. සරලවම කියනවා නම් හිතන්න අපි document එකක් type කරනවා. පස්සෙ කාලෙක අපි ඒකේ තියෙන වචනයක් / වාක්‍යයක් අයින් කරලා අලුතෙන් වචනයක් / වාක්‍යයක් එතන type කරනවා. මේ document එක තව ගොඩක් කට්ටිය කියවනවා. එයාලාට අපි ඒ වෙනස්කම කරන්න කලින් කියවලා ආයේ පස්සෙ කියවනකොට කලින් තිබුණු වචනය / වාක්‍යය නැතුව අලුත් එකක් තියෙන එක ගැටලුවක් වෙන්න පුලුවන්.

මේ වෙලාවට තමයි <del> සහ <ins> කියන tags අපි use කරන්නේ. <del> tag එක ඇතුළේ අපි delete කරපු වචනය / වාක්‍යය ලියන්න පුලුවන් සහ <ins> tag එක ඇතුළේ අපි insert කරපු වචනය / වාක්‍යය ලියන්නත් පුලුවන්. මේ tags එක්ක cite සහ datetime කියල attributes 2ක් යෙදෙනවා.

cite - අපි text එක delete හෝ insert කරන්න හේතුව විස්තර කරන document එකක URL එක ඇතුළත් කරනවා.

datetime - අපි text එක delete හෝ insert කල දිනය , වෙලාව ඇතුළත් කරනවා.

example:-

😊😊😊

Tagged:
Naveen RanasingheArunodya_Pathumi
Sign In or Register to comment.