Skip to content

Strings in Java

අද කතා කරන්න යන්නේ strings කියන data types එක එක්ක Java වලදී වැඩ කරන්නේ කොහොමද කියල. String කියන්නේ non primitive data types එකක්. පහල තියන උදාහරණයෙන් ඔයාට string variable එකක් හදන හැටි වගේම කොහොමද value එකක් දෙන්නේ කියල බලා ගන්න පුලුවන්.

මෙතනදී ඔයා ඔයාගේ value එක පෙරලි කොමා " " දෙකක් ඇතුලේ තමයි දෙන්න ඕන. ඔයාට ඕන තරම් දිග value එකක් දෙන්න පුලුවන් ඒ වගේම ඕනම character එකක් ඒ කියන්න ඉලක්කම් නැත්නම් අකුරු මේ කියන ඕනම එකක් value එකක් විදිහට යොදා ගන්න පුළුවන්.


දැං කියන්න හදන්නේ කොහොමද string value එකක තියන length එක හොයන්නේ කියල. ඒකට Java වලින් අපිට keyword එකක් දීල තියනව length() කියල.ඔයාට සාමාන්‍යයෙන් අකුරු 20 ක් වගේ තියන එකක් නම් ගනන් කරල උනත් ගන්න පුළුවන් ඒත් ටිකක් ලොකු ජේදයක් වගේ දෙයක් ඔයාට ගනන් කරන්න අමාරුයි ඒ වගේ දේකට මේ keyword එක යොදා ගන්න පුලුවන්. ඔයාට ඒක තේරුම් ගන්න පහල උදාහරණයෙන් පුළුවන්.


System.out.println("String length is :" + text.length()) ; මෙතනදී ඔයා ඔයාගේ String variable එකේ name එක දීල ඩොට් එකක් තියල තමයි length() කියන keyword එක දෙන්න ඕන. මේ keyword එකේදී white space එක්කම තමයි ඔයාට ඔයාගෙ strings value එකේ තියන අකුරු ගාන calculate වෙන්නේ.


ඔයාට පුළුවන් Java වලදී ඔයා දෙන string value එක capital වලින් තියන එකක් නම් simple අකුරු වලට හරවන්නත් simple අකුරු වලින් තියන එකක් නම් capital අකුරු වලට හරවන්නත්. මේක ගොඩක් වෙලාවට යොදා ගන්න වෙන්නේ interface design කරනකොට තමයි.


ඔයාට ඔයාගේ Value එක capital අකුරු වලට හරවගන්න ඕන නම් ඔයාගේ variable name එක දීල ඩොට් එකක් දීල toUpperCase() දෙන්න ඕන. ඔයාට ඔයාගේ value එක simple අකුරු වලට හරවගන්න ඕන නම් ඔයාගේ variable name එක දීල ඩොට් එකක් දීල toLowerCase() දෙන්න ඕන.


Java වලදී ඔයාට පුළුවන් වචනයක් දීල ඒ වචනය පටන් ගන්න index එක කීයද කියල හොයන්න ඒකට .indexOf() කියන keyword එක භාවිතා කරන්න පුළුවන්. ඒක ගැන ඔයාට පහල උදාහරණයෙන් තේරුම් ගන්න පුළුවන්.


System.out.println(capital.indexOf("STUDIO")); මෙතනදී මුලින්ම ඔයාගේ Variable name එක දීල ඩොට් එකක් තියල indexOf(" " ) ඔය වරහන් දෙක ඇතුලත ඔයාට ඕන වචනය දෙන්න තියෙන්නේ.


දැන් කියන්න හදන්නේ කොහොමද වචන දෙකක් එකට කරල output එක ගන්නෙ කොහොමද කියන එක ගැන. ඔයාට මේක + ලකුන යොදාගෙන කරන්නත් පුලුවන්. නැත්නම් Java වල keyword එකක් මගින් කරන්නත් පුලුවන්.


Method - 1

මෙතනදී නම් දෙකක් Variable දෙකකට දීල තියනව. System.out.println(firstName.concat(lastName));මේකෙදී මුලින්ම පලවෙනි නමේ variable name එක දීල ඩොට් එකක් තියල concat() කියන keyword එක දීල වරහන් දෙක ඇතුලත දෙවැනි නමේ Variable name එක දෙන්න ඕන. මෙනදී ඔයාට පේනව පලවෙනි නමේ අන්තිමට White space එකක් දීල තියනව ඒක අනිවාර්යයෙන්ම දෙන්න ඕන.

Method - 2

මෙතනදී නම් දෙකක් Variable දෙකකට දීල තියනව. හැබැයි මෙතනදී පලවෙනි නමේ අන්තිමට White space එකක් දීල නැ. System.out.println(firstNam + " " +lastNam) ; මෙතනදී වරහන් දෙක ඇතුලත ඔයාට ඕන පලවෙනි නම මුලට දෙන්න ඕන ඊට පස්සේ + ලකුන යොදල උඩු පෙරලි කොමා දෙකක් ඇතුලත White space එකක් දෙන්න ඕන ඊට පස්සේ ආයේත් + ලකුන යොදල ඔයාගේ අවසාන නම දෙන්න ඕන.

All rights reserved ©️

Sign In or Register to comment.