Skip to content

Operators in Java

හරි අද කතා කරන්න හදන්නේ operator නැත්නම් Java වල තියෙන ගනිත කර්ම ගැන. අපිට සාමාන්‍ය ජීවිතයේ දකින්න පුලුවන් ගනිත කර්ම ඔයාට Java වලදී බලාගන්න පුළුවන් ඊට ටිකක් වෙනස් දේවල් ටිකකුත් බලාගන්න පුළුවන්. Java වලදී ප්‍රධාන වශයෙන් Operators කොටස් ටිකකට බෙදල තියනව පහල තියෙන්නේ ඒ කොටස් ටික


Arithmetic operators

Assignment operators

Comparison operators

Logical operators


Arithmetic Operators

මෙව තමයි අපි සාමාන්‍ය ජීවිතයේදී යොදා ගන්න ගනිත කර්ම ඒ කියන්නේ එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම වගේ. Java වලදී arithmetic operators වලට අයිති වෙන්නේ ඔය ටික විතරක්ම නෙවෙයි තව අලුත් දේවල් ටිකක් එකතු වෙනව මෙව සාමාන්‍ය ජීවිතයේ දී ගනන් හදන්න අපි යොදා ගන්නේ නෑ. හරි බලමු එකෙන් එක මොනවද තියන arithmetic operators කියල

ඔයාට මෙතනදී බලාගන්න පුලුවන් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම කියන ටික. මෙතනදී int x, int y කියන variable දෙක අරගෙන තියෙනවා ඒ වගේම ඒ දෙකට පිලිවෙලින් 10, 5 කියන අගයන් ආදේශ කරල තියෙනවා. 10 + 5 = 15 විදිහටත් 10 - 5 = 5 විදිහටත් 10 * 5 = 50 විදිහටත් එනව.

මෙතනදී int x, int y කියන variable දෙක අරගෙන තියෙනවා ඒ වගේම ඒ දෙකට පිලිවෙලින් 10, 3 කියන අගයන් ආදේශ කරල තියෙනවා. මුලින්ම තියෙන් නේ X / Y කියන එක ඒකෙන් වෙන්නේ දහය බෙදීම තුන කියන එක උත්තර විදිහට 3 ලැබෙනව. ඊලට ඔයාට බලා ගන්න පුලුවන් X % Y කියන එක ඇත්තටම අපිට සාමාන්‍ය ජීවිතයේ දී මේ වගේ දෙයක් නම් භාවිත වෙන්නේ නෑ මේ ( % ) සලකුනට කියන්නේ modulation කියල ඒකේ තේරුම තමයි යම් කිසි සංඛ්‍යාවක් බෙදල ලැබෙන අගය හොයන්න තමයි අපි ඔය සලකුන යොදා ගන්නෙ. මෙතනදි දහය තුනෙන් බෙදුවහම අපිට ඉතිරි එකක් බලා ගන්න පුලුවන්.

මෙතනදී int x, int y කියන variable දෙක අරගෙන තියෙනවා ඒ වගේම ඒ දෙකට පිලිවෙලින් 10, 5 කියන අගයන් ආදේශ කරල තියෙනවා. මෙතනදී යොදා ගෙන තියන ගනිත කර්මය අපි සාමාන්‍ය ජීවිතයේදී යොදා ගන්න එකක් නෙවෙයි ඒත් අපිට programming කරද්දී ඕන වෙන දෙයක්. මෙතනදි ඔයාට බලාගන්න පුලුවන් ++X විදිහට ඒකෙදී වෙන්නේ මුලින් තියන සංඛ්‍යාවට එකක් එකතු වෙන එක ඒ කියන්නේ 10 ට එකක් එකතු වෙන එක එතකොට උත්තර විදිහට 11 ලැබෙනව. - - Y කියන්නේ දීල තියෙන අගයෙන් එකක් අඩු වෙනව කියන එක ඒ කියන්නේ 5 න් එකක් අඩු උනහම 4 යි කියන එක.


Assignment operators

මේකේදී කරන්නේ අගයක් ආදේශ කරල උත්තරය ගන්න එක ඒ කියන්නේ හැම තැනකදීම සමාන ලකුන යොදා ගන්නව කියන එක.

මෙතනදී a වලට 10 කියන එක ආදේශ කරල ඒක output එකක් විදිහට අරගෙන තියෙනවා. දෙවනියට b වලට 10 කියන එක ආදේශ කරල තියනව ඊට පස්සේ b += 3 විදිහට තියනව මේකේ තේරුම තමයි b ට 3 ක් එකතු වෙලා ඒ අගය b විදිහට පෙන්නන්න කියන එක ඒ කියන්නේ b වල දැන් අගය 10 ඒකට 3 ක් එකතු කරල ඒ අගය ඒ කියන්නේ 13 කියන එක b වල අවසාන අගය විදිහට පෙන්නන්න කියන එක ඔයාට ඕක වෙනත් විදියකින් ලියන්නනත් පුළුවන් ඒ විදිය තමයි b = b+3 කියන එක. අනිත් ගනිත කර්ම වලත් ඒ දේම තමයි වෙන්නේ.


Comparison operators

මෙතනදී කරන්නේ තර්කානුකූලව ගනිතමය අගයන් එක්ක වැඩ කරන එක.

මෙතනදී int x, int y කියන variable දෙක අරගෙන තියෙනවා ඒ වගේම ඒ දෙකට පිලිවෙලින් 10, 5 කියන අගයන් ආදේශ කරල තියෙනවා. මුලින්ම a == b කියන එක බලනව ඒ කියන්නේ a වල අගය b වල අගයට සමානද කියන එක ඒක වැරදි නිසා අපිට false කියන උත්තරේ ලැබෙනව. a != b මෙතනදී වෙන්නේ a වල අගය b වල අගයට අසමානද බලන එක ඒක ඇත්ත නිසා true කියන උත්තරේ ලැබෙනව.  a > b මෙතනදී a වල අගය b ට වඩා විශාල ද බලනව. ඒක ඇත්ත නිසා true අගය ලැබෙනව. a < b මෙතනදී b වල අගය a ට වඩා විශාල ද බලනව ඒක ඇත්ත නොවන හින්දා false උත්තරය ලැබෙනව. a >= b මෙතනදී a වල අගය b ට වඩා විශාල ද නැත්තම් සමානද කියල බලනව. ඒක ඇත්ත නිසා true උත්තරය ලැබෙනව. a <= b මෙතනදී b වල අගය a ට වඩා විශාලද සමානද බලනව ඒක ඇත්ත නොවන හින්දා false උත්තරය ලැබෙනව.


Logical operators

මෙතනදී AND, OR, NOT කියන logical operator එක්ක තමයි වැඩ කරන්නේ.

මෙතනදී int x, int y කියන variable දෙක අරගෙන තියෙනවා ඒ වගේම ඒ දෙකට පිලිවෙලින් 10, 5 කියන අගයන් ආදේශ කරල තියෙනවා. මුලින්ම AND කියන operator එක තමයි යොදාගෙන තියෙන්නේ ඒකේදී a == 10 කියන ප්‍රකාශනය ඇත්තද කියල බලනව ඒක ඇත්ත ඊට පස්සේ b == 5 කියන ප්‍රකාශය බලනව ඒකත් ඇත්ත ඒ කියන්නේ && ඔය සලකුන දෙපැත්තේම තියන ප්‍රකාශන දෙකම ඇත්ත වෙනව නැත්නම් true වෙනව ඒක හින්දා අපිට උත්තරය විදිහට true බලා ගන්න පුලුවන්. ප්‍රකාශන දෙකෙන් එකක් හරි වැරදි නම් ඒ කිව්වේ false නම් උත්තරය false විදිහට තමයි එන්නේ. දෙවැනිට අරගෙන තියෙන්නේ OR කියන operator එක. a > 10 මෙතනදී 10 ට වඩා a වල අගය වැඩිද කියන එක තමයි බලන්නෙ. ඊට පස්සේ b < 10 මෙතනදී b වල අගය 10 ට වැඩිද කියල බලන්නෙ. මේ || ලකුන දෙපැත්තේ තියන එක ප්‍රකාශනයක් හරි ඇත්ත නැත්තම් true උනොත් අපිට උත්තරය විදිහට true බලාගන්න පුලුවන්. ඊලගට අරගෙන තියෙන්නේ NOT කියන එක මේකේදී කරන්නේ අපිට ලැබෙන උත්තරය කනපිට පෙරලන එක ඒ කියන්නේ true ලැබුන එකක් නම් false විදිහටත්, false ලැබුන එකක් නම් true විදිහටත් පෙරලන එක තමයි කරන්නේ මෙතනදී කලින් ප්‍රකාශනය තමයි අරගෙන තියෙන්නේ ඒ කියන්නේ AND ප්‍රකාශනය ඒකේදී කලින් ලැබුනේ true අගය ඒත් ඒක NOT කියන logical operator එකට අනුව false කියන අගය අපිට බලාගන්න පුලුවන්.

All rights reserved ©️

Sign In or Register to comment.