Skip to content

Comments in C Programming in Sinhala - Lesson 05

Computer programming වලදී comment එකක් කියන්නේ programmer ට විතරක් කියවන්න පුළුවන් computer එකට කියවන්න බැරි programmer විසින් source code එකට එකතු කරපු massage එකක්.

ඇයි අපි අපේ program එකට comments use කරන්නේ?

හිතන්න අපි ලියනවා කියල code lines සිය ගණනක program එකක්. ඔයා code කරන් යනකොට දල අදහසක් තියෙනවා ඔයාට කෝඩ් එක ගැන. එත් හිතන්න දවස් දෙකකින්, සතියකින්, මාසෙකින් ආයිත් කෝඩ් එක දිහා ඔයා බැලුවොත් එකේ තියෙන code lines ප්‍රමාණයත් එක්ක ඔයාටම හිතාගන්න ටිකක් වෙලා යයි ඒ ඒ line එකෙන් මොකක්ද වෙන්නේ කියල ටිකක් වෙලා යනකන්.

නැත්නම් හිතන්න ඔයා develop කරපු program එකක් වෙන developer කෙනෙක්ට දෙනවා කියල debug කරන්න හරි update කරන්න හරි තව මොකක් හරි feature එකක් add කරන්න වගේ දේකට. නැත්නම් හොදම example එකක් විදියට team එකක් එක්ක කරන software project එකක් කියල හිතන්නකෝ. එක පාරටම ඔයා ලියපු කෝඩ් එකක් වෙන කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. එයා ඒක compiler එක run වෙන order එකට line by line read කරන්න ඕනේ එක තේරුම් ගන්න.

මෙන්න මේ නිසයි අපි comments use කරන්නේ programming වලදී. මේකෙදි කරන්නේ program එකේ කොටසෙන් කොටස අපි විස්තර කරනවා අපිට හෝ වෙනකෙනෙකුට පසුව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න. මෙහෙම comment කරපු program එකක් debugging කරන්නත් හරීම පහසුයි.

ඔයා කෝඩ් එකේ අලුතින් add කරපු කොටසක් නිසා error එකක් එනවනම් ඔයාට පුළුවන් ඒ කොටස තාවකාලිකව comment කරන්නත්. එතකොට ඒ prat එක compiler එක විසින් skip කරනවා.

කෝඩ් එක ලිව්වේ කවුද, කවද්ද, අන්තිමට edit කලේ කවදද වගේ දේවලුත් කමෙන්ට් විදියට add කරන්න පුළුවන්.


Comments types 2ක් C Programming වලදී use කරනවා:

  1. Single line comment
  2. Multi-line comment


Single line comment

Single line comment එකක් නිරූපණය කරන්නේ double slash "//" මුලට යෙදීමෙන්.

Example:

#include<stdio.h>
int main(){   
  //Starting of main function body
  printf("Hello World"); //print command
  //Ending of main function body
return 0; //return value
}    


Multi-line comment

Multi-Line comment එකක් නිරූපණය කරන්නේ slash asterisk /* ... */ මුලට සහ අගට යෙදීම මගින්.

/*  
code 
to be commented 
*/  


Example:

/*
HelloWorld.c
Created by Naveen Ranasinghe
@9:55PM - 03/15/2020
*/

#include<stdio.h>   
int main(){
  
  /*This is
main function
body. */ 

  printf("Hello C");

return 0;  
}    


Tagged:
Sign In or Register to comment.