Skip to content

Data types in Java

Java වලදී තමන්ගේ අවශ්‍යතාව අනුව යොදාගන්න Data Types ගොඩක් තියනව. ඒව අවශ්‍යතාව අනුව නිවැරදි තැනට යොදා ගත්තහම Program එකේ speed එක වගේම memory usage එක හදාගන්න පුළුවන්. බලමු මොනවද තියන Data Types කියල. Data Types ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදෙනව primitive data types, non-primitive data types කියල. primitive data types කාන්ඩයට අයිති වෙන්නේ byte, short, int, long, float, double, boolean, char කියන ටික. non-primitive data types කාන්ඩයට අයිති වෙන්නේ String, Arrays, Classes කියන ටික.

byte

මේ data type එක තියෙන්නේ ඉලක්කම් ආශ්‍රිත වැඩ වලට. මෙතනදී ඔයාගේ value එක  -128 ත් 127 අතර ඕනම අගයක් ඔයාට දෙන්න පුළුවන්.

short

මේ data type එකත් තියෙන්නේ ඉලක්කම් ආශ්‍රිත වැඩ වලට. මෙතනදී ඔයාගේ value එක  -32768 ත් 32767 අතර ඕනම අගයක් ඔයාට දෙන්න පුළුවන්.

int

මේ data type එකත් තියෙන්නේ ඉලක්කම් ආශ්‍රිත වැඩ වලට. මෙතනදී ඔයාගේ value එක  -2147483648 ත් 2147483647 අතර ඕනම අගයක් ඔයාට දෙන්න පුළුවන්.

long

මේ data type එකත් තියෙන්නේ ඉලක්කම් ආශ්‍රිත වැඩ වලට. මෙතනදී ඔයා සාමාන්‍යයෙන් int වල තියන data range එකට වඩා ටිකක් වැඩි අගයක් ගන්නවනම් long යොදාගන්න පුළුවන්. මෙතනදී ඔයාගේ value එක -9223372036854775808 ත් 9223372036854775807 අතර ඕනම අගයක් ඔයාට දෙන්න පුළුවන්. ඔයාගේ value එකේ අන්තිමට කැපිටල් L අකුර යොදන්න ඕන පහල තියනව වගේ.

float

මේ data type එකත් තියෙන්නේ ඉලක්කම් ආශ්‍රිත වැඩ වලට. කලින් යොදා ගත්තේ පුර්ණ සංඛ්‍යා ඒත් අපි මෙතනදි යොදා ගන්නේ දශම සංඛ්‍යා. මෙතනදී ඔයාගේ value එක 3.4e−038 ත් 3.4e+038 අතර ඕනම අගයක් ඔයාට දෙන්න පුළුවන්. ඔයාට flot වලදී දෙන්න පුළුවන් දශම ස්ථාන හතක් විතරයි දෙන්න පුළුවන්. ඔයා ඔයාගේ value එක අවසානේට සිම්පල් f අකුර දෙන්න ඕන පහල තියනව වගේ

double

මේක තියෙන්නෙත් දශම සංඛ්‍යා වලට තමයි ඔයා බලනව ඇති ඇයි ඉතින් තව එකක් දශම වලට කියව. Float වලදී ඔයාට දශම ස්ථාන 7ක් විතරයි යොදා ගන්න පුළුවන්. ඒත් double වලදී ඔයාට දශම ස්ථාන 15ක් වෙනකම් දාන්න පුළුවන්. මෙතනදී ඔයාගේ value එක 1.7e−308 ත් 1.7e+308 අතර ඕනම අගයක් ඔයාට දෙන්න පුළුවන්. ඔයා ඔයාගේ value එක අවසානේට සිම්පල් d අකුර දෙන්න ඕන පහල තියනව වගේ.

Boolean

මේ data type එකේදි ඔයාට value දෙකක් විතරයි භාවිතා කරන්න පුලුවන් වෙන්නෙ. True, false කියන දෙක විතරයි. තාර්කික දේවල් වලට යොදා ගන්න පුලුවන් ඔයාට උදාහරණයක් විදිහට අද සදුදා ද? ඔය වගේ දේකට උත්තර දෙකක් විතරයි තියෙන්නේ ඔව් නැහැ ඒ වගේ දේවල් වලට ඔයාට boolean කියන data type එක යොදා ගන්න පුලුවන්.

Strings

මේ data type එකේදි ඔයාට ඕන තරම් characters යොදා ගන්න පුළුවන් limit එකක් නැතුව. ඔයා දෙන value එක " " උඩු පෙරලි කොමා දෙකක් ඇතුලත තමයි දෙන්න ඕන.

Char

මේ data type එකේදි ඔයාට එක අකුරක් එක සංකේතයක් වගේ යොදා ගන්න පුලුවන්. ඔයා ඔයාගේ value එක මේ උඩු ' ' පෙරලි කොමා ඇතුලේ තමයි දෙන්න ඕන. ඔයාට පුලුවන් ඔයා Java වැඩ්ඩේක් කියල පෙන්නන්නත් මෙහෙමයි ඔයාට පුළුවන් char වලට value එක ASCII වලින් දෙන්නත් ඒකට පහල කෝඩ් එක බලන්න.

මේ තියෙන්නේ ASCII code ටිකක්

All rights reserved ©️

Sign In or Register to comment.