Skip to content

Variable in Java

හරි අද කතා කරන්න යන්නේ variable නැත්නම් අමු සිංහලෙන් කියනව නම් විචල්‍ය ගැන තමයි කතා කරන්නේ.


data_type variable_name = value ;


ඔය තියෙන්නේ Java වල variable create කරන Syntax එක. ඔයාගේ variable එකට data type එකක් තියෙන්න ඕන variable එකට නමක් තියෙන්න ඕන variable එකකට අගයක් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්.


හරි අපි බලමු මොනවද අපිට යොදා ගන්න පුලුවන් data type කියල. ඔයාට පුළුවන් String කියන data type එක භාවිතා කරන්න එතනදි ඔයාට යොදා ගන්න පුළුවන් වචන නැත්නම් අකුරු ගොඩක් ඔයාගේ value ඒක විදිහට යොදාගන්න පුළුවන් උදාහරණයක් විදිහට ඔයාට String name =  "damith" ; දෙන්න පුළුවන්. මෙතනදි ඔයාගේ Data Type එක String නම් ඔයාගේ value එක පෙරලි කොමා " " දෙකක් ඇතුලේ දෙන්න ඕන.


ඔයාට int කියන data type එක යොදා ගන්න පුලුවන්. ඒකෙදි ඔයාට දශම නොවෙන ඉලක්කම් යොදා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට int number = 5 ; ඔය වගේ දෙන්න පුළුවන්. ඔයාගේ data type එක int නම් ඔයාගේ value එක පෙරලි කොමා ඇතුලත දෙන්න ඕන නෑ.ඔයාට ධන පුර්ණ සංඛ්‍යා (25) වගේම සෘණ (-25) පුර්ණ සංඛ්‍යා යොදා ගන්න පුලුවන්.


ඔයාට float කියන data type එක යොදා ගන්න පුලුවන්. මෙතනදි ඔයාට පුර්ණ සංඛ්‍යා නොවන දශම සංඛ්‍යා ඇතුලත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට float num = 10.5f; වගේ ගන්න පුළුවන්. ඔයාට මෙතනදිත් පෙරලි කොමා ඇතුලේ ඔයාගේ value එක දෙන්න ඕන නැහැ.ඒ වගේම ඔයා අන්තිමට ඔය දීල තියෙනවා වගේ f අකුර දෙන්නත් අමතක කරන්න එපා. ඔයාට ධන දශම සංඛ්‍යා (74.1) වගේම සෘණ (-35.8) දශම සංඛ්‍යා යොදා ගන්න පුලුවන්.


ඔයාට char කියන data type එක යොදා ගන්න පුලුවන් එතනදී ඔයාට එක character එකක් නැත්නම් එක අකුරක් තමයි යොදා ගන්න පුළුවන් ඔයාට ඕනම එක අකූරක් නැත්නම් සංකේතයක් යොදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට char letter = ' a' ; ඔය වගේ අකුරක් යොදා ගන්නත් පුළුවන් නැත්නම් ඔයාට පුළුවන් සංකේතයක් උදාහරණයක් විදිහට char symb = ' # ' ; ඔය වගේ එක දෙයක් විතරක් value එකට දෙන්න ඔයාට char කියන data type එක යොදා ගන්න පුලුවන්. මෙතනදි ඔයාගේ value එක එක පෙරලි ' ' කොමාවක් ඇතුලත දෙන්න ඕන.


ඔයාට boolean කියන data type එකත් යොදා ගන්න පුලුවන් මෙතනදී ඔයාට දෙන්න පුළුවන් value දෙකක් විතරයි ඔයාට තියෙන්නේ true, false විදිහට ඔය දෙකෙන් එකක් තමයි ඔයාගෙ value එක විදියට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට boolean chek = true ;  යොදාගන්න පුළුවන් නැත්නම් Boolean chek = false ; විදිහට යොදා ගන්න පුළුවන්.


Variable name එක ගැන කතා කරනකොට ඔයා හැම වෙලාවෙම වගේ variable name එකක් දෙනකොට ටිකක් තේරුමක් තියෙන නමක් දෙන්න. එතකොට ඔයාට තේරුම් ගන්න පහසුයී. ඔයාට variable name එකට කැමති name එකක් දෙන්න පුලුවන් ඒ වගේම ඔයාට Java වලදි භාවිතා කරන keywords නම් දෙන්න බෑ උදාහරණයක් විදිහට min, max වගේ Java වලදි යොදා ගන්න keywords ඔයාට variable name විදිහට යොදා ගන්න බෑ. සාමාන්‍යයෙන් යොදා ගන්න සම්මතය හැටියට Variable name එකක පලවෙනි අකුර simple අකුරක් යොදා ගන්නව ඒ අදුර ගන්න පහසු වෙන්න. ඔයාට Variable name එකක් මැද හිස් තැනක් තියන්න බෑ ( my Name) ඒ වෙනුවට ඔයාට underscore එක යොදා ගන්න පුළුවන් ( my_Name) විදිහට. තව ඔයාට පුළුවන් මේ වගේ ( _myName) විදිහට ඉස්සරහට underscore එකක් දාල variable එකට නමක් දෙන්නත්. තව පුළුවන් ඔයාට $ ඔය සලකුන ඉස්සරහට දාල variable name එක දෙන්නත් ( $myName) වගේ. ඒ වගේම myName, mYname විදිහට ඔයා variable දෙකක් හැදුවොත් ඒ දෙක දෙකක් විදිහට තමයි භාවිතා වෙන්නේ.


මේ තියෙන්නේ උඩින් කියපු දේවල් පැහැදිලි වෙන්න code එක.

Output එක තමයි මේ

ඔය code එකේදී System.out.println(); ඔය වරහන් දෙක ඇතුලත ඔයාගේ variable එකේ name එක දුන්නහම variable එකට අදාල අගය ඔයාට output එකක් විදිහට බලාගන්න පුළුවන්.


ඔයාට පුළුවන් ඔයාගේ variable එක text එකක් එක්ක combine කරන්න ඒකට පහල තියෙන code එක බලන්න.

ඔයාට මතක ඇති කලින් මම කිව්වා System.out.println(" ") ; ඔය වරහන් දෙක ඇතුලත තියන පෙරලි කොමා දෙක ඇතුලත දෙන ඕනම දෙයක් Output එකක් විදිහට බලාගන්න පුළුවන් කියල ඉතින් මම මෙතනදී My Name is කියන එක පෙරලි කොමා ඇතුලත දීල තියෙනවා. මට මේ දෙක එකට සම්බන්ධ කරගන්න ඕන නිසා මම මෙතනදී + සලකුන යොදා ගන්නව. ඊට පස්සේ මගේ Variable name එක දෙනව එතකොට ඔයාට පහල තියෙනව වගේ output එකක් බලාගන්න පුළුවන්.

හරි ඔයාට පුළුවන් සංඛ්‍යා දෙකක් එකතුව output එකක් විදිහට ගන්නත් ඒකට පහල තියෙන කෝඩ් එක බලන්න.

මෙතනදී මම int x විදිහට Variable එකක් අරගෙන තියෙනවා තව එකක් int y විදිහට අරගෙන තියෙනවා. System.out.println(x+y) ; මෙතනදි Data Type එක int නිසා ඉලක්කම් දෙක එකතු වෙලා output එක එනව.

අපි උදාහරණයක් විදිහට මේ වගේ දෙයක් හිතමූ ඔයාට ඕන එකම data type එක තියෙන variable 5ක් හදන්න ඔයා කරන්නේ මේ පහල තියෙනව වගේ.

ඒත් ඔයාට ඔය විදිහට Variable හදන් නැතුව එකම datatype එක තියන variable කොමාවක් දාල හදන්න පුළුවන් ඒක ඔයාට තේරුම් ගන්න පහල code එකෙන් පුලුවන්.

මේ තියෙන්නේ output එක

ඔයාට Java වලදි පුළුවන් ඔයාට final value එකක් දෙන්න variable එකකට ඒ කියන්නේ ඔයාගේ variable එකේ value එක ආයේ වෙනස් කරන්න බැහැ කියන එක ඒක තේරුම් ගන්න පුලුවන් පහල code එකෙන්. ඔයාට වෙනස් කරන්න ඕන නැති නැත්නම් ඔයා මේ අගය තමයි අන්තිම අගය කියල යොදා ගන්න ඕන variable එකේ data type එකට මුලින් final කියන keyword එක දාන්න ඕන.

ඔයා final variable එකට අලුතින් value එකක් දෙන්න ගියහම ඔයාට පහල තියෙන error එක බලාගන්න පුළුවන්.


Sign In or Register to comment.