Skip to content

JavaScript programming part 2 (statements, comments)

කොහොමද යලුවනේ ඔයාලා හැමෝම හොදින් ඇතිකියලා මම හිතනවා.මුලින්ම ඔයලාට කියන්න වැදගත් දෙයක් තියෙනවා කලින් ලිපියේ මම කිඋවේනැ ඔයලට js program එක save කරන්නෙ කොහොමද කියලා.අපි ඒක save කරන්න ඕනා .html කියලා.ඒ කියන්නේ name(file name එකක් ඔයලට කැමති).html

 අද ඔයාලා එකතුවෙන්නේ js ලිපි පෙලේ 3 වෙනි ලිපිය සමගයි.අපි දෙවෙනි ලිපියෙන් කතා කරේ js වල outputs ගන්නේ කොහෝමද කියලා කතාකරා.

මේ ලිපියෙන් අපි අද කතා කරන්න යන්නේ js වල Statements සහා comments ලියන්නේ කොහොමද කියලා මම අද ඔයලට කියලා දෙනවා.

*මොනාද මේ comments ?.

මම දැන් ඔයලාට කියලා දෙන්න යන්නේ comments ගැනයි.comments වලින් code එකට කිසිම බලපැමක් වෙන්නේ නෑ. programming වලදි අපි comments පවිච්චි කරන්නෙ අපි ලියලා තියන code එක තව කෙනෙක් බැලුවහම තෙරුම්ගන්න පුලුවන් වෙන්නත්, ලොකු code එකක් ලියන කොට අපිට සමහර කරුනු මගහැරෙන්න පුලුවන් ඒ වගේ දේවල් වලට තමයි අපි code එකේ comment ලියන්නේ. එක ඇතටම හොද පුරුද්දක් programming වලදි.මම ඔයලට කියන්නේත් code එකක් ලියන කොට comment කරන්න පුරුදු වෙන්න.

js වල comment ලියන්න ගොඩක් ලේසි.C, Java වගේ programming language ඉගේන ගත්ත අය දන්නවා ඇති එවගේ comment කරන්නේ කොහොමද කියලා . ඒ විදියටම තමයි js වල comment ලියන්න තියෙන්නේ. 

මම දැන් ඔයලට කියලා දෙන්නම් කොහොමද comment ලියන්නෙ කියලා.js වල comment ලියනා ආකාර 2ක් තියේනවා.


1)Single line comments start with //.

  මේ ක්‍රමයේදි අපි comment එක ලියන්නේ ඇලයිරි යොදලා.උදාහරනයක් 

 වශයෙන් .

 //This is my first comments

 එක comment එකක් දැක්විමට මෙම ක්‍රමය බාවිතා කරනවා.

 

2)Multi-line comments start with /* and end with */.

   මේ ක්‍රමයේදි අපි comment එක ලියන්නේ /*.......*/ ාතර තමයි අපි මේ 

  අකාරයේ comment ලියන්නේ.codes lines කිපයක් දැක්විමට මේ ක්‍රමය 

   යොදාගනි.

  /* This is my first javascript comment */



*මෝකක්ද මේ Statements කියන්නේ?.

මම ඔයාලට දැන් කියලා දේන්න යන්නේ Statements කියන්නේ මොනද කියලා.

computer program එකක් කියනේ යලුවනේ නිසි පිලිවෙලකට සදනලද උපදෙස් මාලාවක්. computer program එක ක්‍රියා කලයුතු ආකාරය දැක්වෙන උපදෙස් වලට තමයි අපි Statements කියලා කියන්නේ.

මම උඩ තියෙන උදාහරනේ Statements වෙනම comment කරල තියෙනවා. ඔයලට ඒවා අදුරගන්න ලේසිවෙන්න.

ඔයලා වැඩි දේයක් හිතන්න ඔන නැ Statements කියන්නේ අපි code එකෙ ලියන අලිත් variables හදුන්වල දෙන ඒවා තව codeඑකේ මොනාහරි variable දෙකක් සමාන කිරිම වගේ දෙවල්. ඇතටම කියනවනම් අපි code එකේ කරන්න ඔනා මොනදා කියලා ලියන එවා තමයි මේ Statements කියන්නේ.

*ඔයලා හොදට මතක තියගන්න යලුවනේ comments , statements ඔයලා 

 code එකේ ලියලා run කරට ඔයලට ඒවා web browser එකේ output එකක් 

 විදියට බලාගන්න බෑ.


හොදයි එහේනම් අපි අදට මේ ලිපිය නතරකරනවා .මම හිතනව ඔයලට තෙරේන්න ඇති කියලා කියලාදීපුවා හොදට අපි ඊලග ලිපියෙන් javascript variables ගැන කතාකරමූ අදට එහේනම් මම සමූ ගනවා ඔයලාට සුබ දවසක්!.

Tagged:

Comments

Sign In or Register to comment.