Skip to content

How to compile and run Java

හරි අද කියන්න හදන්නේ කොහොමද Java code එකක් run කරන්නේ කියන එක ගැන. මූලින්ම ඔයා පහල කරල තියනව වගේ ඔයාගේ pc එකේ file extension එක පේන විදියට හදාගන්න ඕන.

ඊට පස්සේ ඔයා Java file ඔක්කොම තියාගන්න එක folder එකක් හදාගන්න ඔයාට කැමති තැනක. දැං text document එකක් අරගෙන ඒ text file එකට නමක් දීල  .java කියන file extension එක යටතේ save කරන්න.

ඒ file එක text editor එකකින් open කරගෙන පහල තියෙන code එක type කරල save කරන්න. මෙතනදි කියන්න ඕන දේවල් ටිකක් තියනව.


Java කියන language එක case sensitive ඉතින් ඔයා මෙතනදී ඔයාගේ file එකට දීපු name එකම class එකේ name එකට දෙන්න ඕන. ඒම නොවුනොත් error එකක් එනව.


අනික තමයි CamelCase කියන එක ඔයාට පේනව ඇති ඔය code එකේ class name එක අකුරු එකක් උස් වෙලා අනිත් ඒව පහත් වෙලා වගේ බලා ගන්න පුලුවන් ඒක තමයි CamelCase කියන්න ඒක standard එකක් ගොඩක්  methods, variables, classes, package වගේ ඒවට ඒක යොදා ගන්නව.

හරි දැන් Windos key + r press කරන්න එතකොට ඔයාට run එක open වෙනව එකේ cmd කියල type කරල enter key එක press කරන්න. ඊට පස්සේ ඔයා ඔයාගේ java file එක තියන path එකට යන්න ඕන. ඔයාට බලාගන්න පුළුවන් JavaL කියන folder එකේ මගේ java file එක තියනව.

මේ folder එකට ගිහින් බලපුවහම පේන විදිය.

Java file එක compile කරන්නේ javac කියන command එක ගහල ඊට පස්සේ file name එක file extension එකත් එක්ක දීල. ඔයාගේ code එකේ error එකක් නැත්තම් පහල තියනව වගේ බලාගන්න පුලුවන්.

ඔයා compile කරල ඉවර උනාට පස්සේ ඔයාට ඔයාගේ folder එකේ අලුත් file එකක් බලාගන්න පුළුවන් ඒ තමයි class file එක.

Class file එක කියන්නේ bytecode එක java file එකේ ඒක ඔයාට කියවන්න තේරුම් ගන්න බෑ. මේ තියෙන්නේ ඒක open කරපුවහම පේන විදිහට

දැන් බලමු කොහොමද java file එක run කරන්නේ කියල. ඒකට java කියල file name එක විතරක් දෙන්න ඕන. එතකොට පහල තියෙන වගේ output එක බලාගන්න පුළුවන්.


Sign In or Register to comment.