Skip to content

Write your first PHP Program using Basic PHP Syntax in Sinhala - Lesson 03

PHP script එකක් document එකේ ඕනෑම තැනක ඇතුලත් කරන්න පුළුවන්.

A PHP script එකක් පටන්ගන්නේ  <?php  සහ අවසාන වෙන්නේ  ?> මගින්.


මේ තියෙන්නේ example එකක්.

<?php
// Your PHP code goes here
?>


කලින් කිව්වා වගේ PHP file එකක default extension එක තමයි ".php".

PHP file එකක සාමාන්‍යයෙන් HTML tags, සහ PHP scripting code අඩංගු වෙනවා.


දැන් අපි සුදානම් වෙන්නේ පලවෙනි Simple PHP file එකක් run කරලා බලන්න.

මේකෙදි අපි කරන්නේ ඔයාගේ web Browser එක තුල PHP මගින් Hello World කියල print කරලා පෙන්නන එක. මේක print කරන්න අපි use කරන්නේ built-in PHP function එකක් වන "echo" කියන එක.

<?php
echo "Hello World!"; 
?>

මේ echo function එක අනිවාර්යෙන්ම semicolon ; එකකින් අවසන් විය යුතුයි.


Example

<!DOCTYPE html>
<html>
<body>

<h1>My first PHP page</h1>

<?php
echo "Hello World!";
?>

</body>
</html>


ඔයා මේ example code එක notepad එකේ හරි notepad++ හෝ sublime text වගේ editor එකක type කරලා ඔයාට කැමති නමක් දාල .php කියන extension එකෙන් save කරගන්න ඕනේ.

මේ file එක save කරගන්න ඕනේ location එක තමයි අපි අර කලින් install කරගත්ත xampp sever එක install කරපු location එකේ තියෙන htdocs කියන folder එක.

මේක ඇතුලේ අලුතින් folder එකක් හදල එකට දාගන්න ඔයාගේ file එක.


දැන් අපිට අපේ php file එක run කරගන්න XAMPP open කරලා අපේ computer එක local web sever එකක් කරගන්න ඕනේ. ඒකට මේ තියෙන Apache කියන service එක start කරගන්න.

දැන් ඔයාලට බලාගන්න පුළුවන් web browser එකේ address bar එකේ localhost කියල type කරලා enter කලාම මේ වගේ page එකක්.

මේ පේජ් එක ආව කියන්නේ ඔයාගේ computer එක ඇතුලේ local web sever එකක් run වෙනවා.


දැන් අපි බලමු අපේ php file එක run කරගන්නේ කොහොමද කියල.

ඔයා xampp sever එක install කරපු location එකේ තියෙන htdocs කියන folder එක ඇතුලේ myprojects කියල folder එකක් හදල ඔයාගේ php file එක example.php කියල save කළා කියල හිතන්නකෝ.

එතකොට ඔයා මේ link එකට තමයි යන්න ඕනේ.

localhost/myprojects/example.php

එතකොට ඔයාට output එක විදියට web page එකක් ලැබෙන්න ඕනේ මේ විදියට.


මේ විදියට web page එකක් ආව කියන්නේ ඔයා සාර්ථකව ඔයාගේ First php code එක run කළා කියන එක.

ඔයා php ඉගෙනගන්නව නම් ඔයාට basic html knowledge එකක් තියෙන්න ඕනේ. එක නිසා ඔයාට HTML බැරිනම් මේ කුප්පි ටික බලන එක හොදයි.

HTML in Sinhala

php tutorial sinhala

Tagged:
Sign In or Register to comment.