Skip to content

working with hr, marquee, link tag on HTML

Horizontal line

මේකෙන් ඔයාට පුළුවන් ඔයාගේ web page එකේ හරහට ඉරක් ඇදගන්න ඒ කියන්නේ ඔයාට පුළුවන් web page එක බෙදාගන්න වගේ දෙයක් කරන්න.

<!DOCTYPE html>

<html>

<head>

<title>Online Editor</title>

</head>

<body>

<br>

<br>

<br>

<br>

<hr width="" size="5" color="#854100" >

</body>

</html>


<hr width="" size="5" color="#854100" >මෙතනදී hr කියන්නේ tag එක ඔයාට width එක යටතේ ඔයාට ඕන පළල දෙන්න පුලුවන් මෙතනදී size එක කියන්නේ ඉරේ මහත ඒකත් ඔයාට කැමති ගානක් දෙන්න පුළුවන්. Color යටතේ කැමති පාටක් දෙන්න පුළුවන්. මේ tag එකට close tag එකක් නම් නෑ.


Marquee

මේක ඇත්තටම කිව්වොත් web page එකක් ලස්සන කරන්න ගන්නව කියල කියන්න පුළුවන්. ගොඩක් වැදගත් දෙයක් නෙවෙයි වෙන්නත් පුළුවන්. මේකෙදි ඔයාට පුළුවන් ඔයා කැමති වචනයක් නැත්නම් paragraph එකක් උනත් චලනය වෙන්න වගේ හදන්න.

<!DOCTYPE html>

<html>

<head>

<title>Online Editor</title>

</head>

<body>

<br>

<br>

<br>

<br>

<marquee direction ="left " scrollamount="10" >kuppiya.lk </marquee>

</body>

</html>


<marquee direction ="left " scrollamount="100" >kuppiya.lk </marquee> මේකේ opening tag එක තමයි <marquee> කියන්නේ. direction =" " පෙරලි කොමා ඇතුලේ ඔයාට යන්න ඕන පැත්ත up, down, left, right විදිහට දෙන්න පුළුවන්. scrollamount=" " මෙතනදී කී පාරක් scroll වෙන්න ඕනද කියලා දෙන්න පුලුවන්. ඔයා දෙන අගය එක්ක scroll speed එක තීරනය වෙනව. මේකේ closing tag එක </marquee> ඔය තියෙන්නේ.


Link

කොහොමද link එකක් web page එකකට දාන්නේ කියල බලමු 

<!DOCTYPE html>

<html>

<head>

<title>Online Editor</title>

</head>

<body>

<br>

<br>

<br>

<br>

<a href="http://www.google.com" > Google </a>

</body>

</html>


<a href="http://www.google.com" > Google </a> මේකේ tag එක තමයි <a> කියන්නේ ඔයාට යන්න ඕන web page එකේ link එක href="http://www.google.com" ඔය වගේ http තියන විදියට නැත්නම් සම්පූර්ණ web address එකම හරියට දෙන්න ඕන. <a></a>ඔය tag දෙක ඇතුලත ඔයාට web page එකේ පේන්න ඕන නම දෙන්න පුළුවන්. මේකේ close tag එක </a> තමයි ඔය. ඔයාට මේක run කරහම බලාගන්න පුළුවන් web page එකේ නිල් පාටින් තමයි link තියන ඒව බලාගන්න පුළුවන් ඒ වගේම underline වෙලා තියනවත් බලාගන්න පුළුවන්.


Tagged:
Sign In or Register to comment.