Skip to content

ජාලකරණ නිර්මිතයන් ( Network Architecture) part III

ඉතින් කලින් article එකෙන් අපි OSI Model එක ගැන ඉගෙන ගත්තා.ඒත් දත්‍ත කොහොමද layers තුලින් Transfer වෙන්නේ කියලා පැහැදිලි කලේ නෑ.ඉතින් මේ Article එකෙන් ඒ පිලිබඳව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.


Data Encapsulation (දත්ත සංයුක්ත කිරීම)

ඉහළ සිට පහළට පැමිනීමේ දී දත්ත PDU (protocol data unit) බවට පත් කරයි.අදාල Layer හි කාර්යය සිදු කිරීම සදහා විවිධ කොටස් මගින් දත්ත ආවරණය කර Data units සකස් කරයි.මෙම කාර්යය Data Encapsulation නම් වේ.

දත්ත ලබාගන්නා පරිගණකයට මෙම Units ක්‍රමයෙන් ඉහළ Layer වෙත යවන විට Units ගලවා ඉවත් කරයි.මෙම අවස්ථාව De-Capsulation නම් වේ.

Units ගලවා ඉවත් කරනවා කියන්නේ De-Capsulation වෙද්දී අපිට හම්බවෙන්නේ ඉස්සෙල්ලාම Frame එක ඉතින් එතනදි Frame එක අයින් වෙලා උඩ Layer එකට යනවා.එතන තියෙන්නේ Data packet එක එතන ඉදන් උඩ Layer එකට යද්දි යන්නේ segment එක විතරයි.අන්න ඒකට තමයි units ගලවා ඉවත් කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ..😌😌


දත්ත මුලින්ම Transport Layer තුලදී Segment ලෙස පත් කරයි.එවිට දත්ත විවිධ කොටස් මගින් ආවරණය කරයි.වැදගත් කොටස් 2 වන්නේ Source port address හා destination port address වේ.එය PDU එකකි.මෙය Network Layer වෙත ගමන් කර Data Packet එකක් බවට පත් කරයි.

එහිදීද Source Network address හා Destination network address අඩංගු කරයි.එය Data link layer තුලදී Frame බවට පත් වේ.එවිට දත්‍ත Network තුල ගෙන යා හැකි වන පරිදි source mac address හා Destination Mac address අඩංගු කරයි.Mac address Hardware address ලෙසද හදුන්වනු ලැබේ.

SDU ( service data unit) ලෙස හදුන්වන්නේ ඉහළ Layer සිට පැමිණෙන දත්ත කොටසයි.එය වටා අලුත් PDU ගොඩ නගයි)


ඉතින් මන් හිතනවා ඔයාලට මේ article එකෙන් Data encapsulation කියන්නේ මොකද්ද කියලා පැහැදිලි වන්න ඇති කියලා.අපැහැදිලි තැනක් තිබේනම් පහල comment section එක තුලින් විමසන්න.

ඊ ලග Article එකෙන් අපි බලමු protocols කියන්නේ මොනවාද කියලා.මන් හැම article එකකම protocol ගැන සදහන් කලාට ඒ මොකද්ද කියලා කිව්වේ නෑනේ.ඉතින් ඊලඟ article එකෙන් ඔයාලට තිබෙන doubts ඔක්කොම නැති වෙයි.)

NOTE:-

PDU (protocol data unit)

Stands for "Protocol Data Unit." A PDU is a specific block of information transferred over a network. It is often used in reference to the OSI model, since it describes the different types of data that are transferred from each layer. The PDU for each layer of the OSI model is listed below.

PDU also stands for "Power Distribution Unit." A typical power distribution unit looks like a power strip with multiple outlets, but includes electrical components that ensure equal voltage is distributed to each outlet. They are commonly used in data centers to provide consistent power to connected servers.

Sign In or Register to comment.