Skip to content

Introduction to Java and Brief Guide to Oracle Certified Exams in Sinhala - Lesson 01

මෙම Lesson Series එක ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ තමයි ඔයාලව OCAJP and OCPJP Certification Exams වලට train කිරීම. මොනවද මේ OCAJP and OCPJP Exams කියන්නේ?

OCAJP කියන්නේ Oracle Certified Associate, Java Programmer කියන එක.

OCPJP කියන්නේ Oracle Certified Professional Programmer කියන එක.

මේ exams දෙක online exams 2ක්. මේ certificates 2 issue කරන්නේ Oracal Corporation එකෙන් latest ම java version එක යටතේ. මේවා internationally valid certificates. ඔයා මේ certificates 2 ගන්නවා කියන්නේ Oracle Corporation එකෙන් කියනවා ඔයා Professional Java Programmer කෙනෙක් කියල. ඔයා මේ certificate එක ගන්නවා කියන්නේ ඔයාගේ name එකත් එක්ක ඔයාට මේක use කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා Name එකත් එක්ක UG (Under Graduate) කියල use කරනවනේ. මේ certificate එක ගත්තම ඔයාට name එකත් එක්ක OCPJP (Oracle Certified Professional Programmer) කියල භාවිත කරන්න පුළුවන්.





History Of Java

  • Java programming language නිර්මාණය කලේ Sun Microsystems (Sun) ආයතනයේ James Gosling විසින් 1991 දී.
  • මේ Java programming language නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ උනේ එක පාරක් ලියන කෝඩ් එකක් ගොඩක් operating systems වල run කරගන්න පුළුවන් වෙන්න. ඒ කියන්නේ windows වල හදන code එක Linux, Mac OS වලත් run කරන්න පුළුවන් කියන එක. Write Once, Run Anywhere (WORA)
  • Java (Java 1.0) ප්‍රථමයෙන්ම release කලේ 1995 දී.
  • Sun Microsystems ආයතනය Oracle Corporation එක විසින් ලබාගන්නවා 2010 දී.


Why Use Java?

  • Java විවිධ platforms වලට support කරනවා (Windows, Mac, Linux, Raspberry Pi, etc.)
  • ලෝකයේ තියෙන ගොඩක්ම ජනප්‍රිය programming language අතරෙන් එකක්.
  • බිලියන 3 කට වඩා devices වල Java run වෙනවා.
  • Java අනිත් languages වලට සාපේක්ෂව ඉගෙන ගැනීමට සහ භාවිතයට පහසුයි.
  • Java free සහ open-source.
  • ආරක්ෂිතයි වේගවත් සහ powerful language එකක්.
  • It has a huge community support (tens of millions of developers)
  • Java කියන්නේ object oriented language එකක්. Structure එකකට code කරන යන්න පුළුවන්.
  • Java C++ සහ C# languages වලට ආසන්න වශයෙන් සමාන කමක් දක්වනවා. ඒ නිසා java දන්නා කෙනෙකුට ඒ programming language දෙකත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.


Main Features of JAVA

Java is a platform independent language

කලින් පැහැදිලි කළා මේක.


Java is an Object Oriented language

Object oriented programming කියන්නේ program එක objects කිහිපයක collection එකක් ලෙස සකස් කරන්න පුළුවන්.

4 main concepts of Object Oriented programming are:

  1. Abstraction
  2. Encapsulation
  3. Inheritance
  4. Polymorphism

(මේවා ගැන ඉස්සරහට කියල දෙන්නම්)


Automatic memory management

අලුතින් objects create වෙනකොට RAM එකේ කොටසක් වෙන් කරගන්නවා. රන් වෙලා ඉරර උනාම garbage collector කියන function එක මගින් ඒ වෙන් කරගත්ත කොටස clear කරනවා. (ඉස්සරහට මේක ගැන මිට වඩා advance කියල දෙන්නම්.)


Multithreading

Multithreading කියන්නේ විවිද කාර්යන් කිහිපයක් එකම අවස්ථාවේ run කරගැනීම.


අදට මෙච්චරයි. Lesson 02 එකත් ඉක්මනටම දාන්නම් Kuppiya ට.

තවත් දෙයක් මේ Java tutorial series එක International exam එකක් target කරලා කරන නිසා lessons සිංහලෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජාවා setup කරගන්න විදිය වෙනකන් සිංහලෙන් කියල දීල ඊටපස්සේ Simple English වලින් continue කරන යන්න බලාපොරොත්තු වෙනවා.

Good Luck!

Sign In or Register to comment.