Skip to content

ජාලකරණ නිර්මිතයන් ( Network Architecture) part II

එහෙනම් අද අපි network architecture වල layers පිලිබදව උගනිමු.

මන් කිව්වා OSI model එකේ ස්ථර 7 ක් තියෙනවා කියලා.


පලමුව මන් කියන්න යන්නේ OSI Model එකේ භෞතික ස්ථරය ගැන.

(කලින් part එකේ OSI Model එක ගැන විස්තර කරලා තියෙනවා.)

ඔයාලට වැඩිපුර පැහැදිලි වෙන්න මන් කරුනු වශයෙන් ලියන්නම්


1.භෞතික ස්ථරය (Physical Layer)


•> දත්ත සන්නිවේදනය සිදුවන පරිගණක 2 හි අග්‍ර අතර භෞතික සම්බන්ධතාව හරහා බිටු(bits) සම්ප්‍රේෂණය වන අකාරය මෙයින් පැහැදිලි කරයි.

•> 0 හා 1 ලෙස විද්‍යුත් (electrical caracteristic) යාන්ත්‍රික අගයන් (mechanical caracteristic ) කුමන පරාසයක් නියෝජනය කරන්නේද යන්න තීරනය කරයි.

•> Bits සම්ප්‍රේෂණය කරන්නේ කුමන සම්ප්‍රේෂණ මාධ්‍යයක් ඔස්සේද යන්න (wire,wave) හා මූර්ජන ආකාරයෙන් මෙන්ම කුමන ක්‍රමයකටද යන්න (simplex,half duplex,full duplex) තීරනය කරන්නේ භෞතික ස්ථරයෙනි.

•> දත්තය ලබාගන්නා පරිගණකයේහි physical layer මගින් data link layer වෙතට bits සම්ප්‍රේෂණය කිරීම හා අතුරුමුහුනත් සැපයීම සිදුකරයි.

•> Hub,Repeater,Cable,Connectors අයිති වෙන්නේත් මේ Layer එකට වේ.


2.දත්ත සන්ධාන ස්ථරය(Data link layer)


•>යවන්නාගේ අන්තයේදි දත්ත පැකැට්ටු(Data Packet ) බිටු බවට කේතනය කර Physical layer වෙතට ලබාදීම සිදු කරයි.

•> ලබන්නාගේ අන්තයේදී Physical layer එකෙන් ලබාදෙන බිටු නැවත දත්ත packet ලෙස විකේතනය සිදු කරයි.මෙසේ සකසන ලද Packet " Packet Frames" ලෙස හදුන්වයි.

•> Physical layer එක තුල ඇතිවන දෝෂ අනාවරණය කිරීම ද මෙමෙ ස්ථරයෙන් සිදු වේ.සමහර අවස්ථාවන්හිදී එම දෝෂ නිවැරැදි කිරීම සදහා අවශ්‍ය ක්‍රමවේදයන් ද මෙම ස්ථරයේ නියමාවලි මගින් සපයයි

•> දත්ත පැකැට්ටු වල ප්‍රමාණය හදුනාගැනීමේ අංක සැකසීම සිදුවන්නේද මෙම ස්ථරය මගිනි.

•> මෙහි තවත් ප්‍රධාන කාර්යයක් වන්නේ Network Layer වෙතට සේවා හා අතුරුමුහුනත් සැපයිමයි.

•> MAC address භාවිතා කරන්නේ මෙම ස්ථරයේ දීය.

•>මෙම Layer එකේදී switch,bridge,NIC පාවිච්චි කරයි.



3.ජාල ස්ථරය (Network Layer)


•> පරිගණක 2 අතර සන්නිවේදනය සිදුවන ආකාරය තීරනය කරයි.

•> Data link layer වෙතින් ලබාගන්නා දත්ත පැකැට්ටු යැවිය යුත්තේ ජාලය තුල පරිගණකය කටද ජාලයෙන් පිටත පරිගණකයකටද යන්න සොයා ගැනීම සිදු කරයි.

•> ජාලය තුල පරිගණකයක් වෙත සන්නිවේදනය සිදුකරන්නේ නම් අදාල Ip address එක අයත් පරිගණකය වෙත දත්ත සන්නිවේදනය කරයි.

•> MAC address එක යනු එකිනෙක උපාංග (hosts) වලට ජාලයේ සේවා සපයන්නා විසින් ලබාදෙන Original address එකකි.ජාලයෙන් පිටතට පණිවිඩය යවන්නේ නම් ජාලය තුල ඇති router එක මගින් අදාල MAC address එම ලබාගත යුතුය.ජාලය තුල ලගම පිහටි Router එක gateway ලෙස හදුන්වයි.ඒ අනුව Network layer එක මගින් සිදුකරන්නේ gateway එක හරහා ජාලයෙන් පිටත පිහිටි පරිගණක සමග සන්නිවේදනය කිරීමයි.

•> ජාලයෙන් පිටතට දත්ත ගමන් ගන්නා මාර්ගය තීරනය කිරීම router මගින් සිදු කරයි.දුර අනුව හෝ කාලගුන තත්වයන් අනුව හෝ විවිධ නීති අනුව මාර්ගය වෙනස් වන නමුත් router මගින් ඒ අවස්ථාවන්හිදී හොදම මාර්ගය තීරනය කරයි.මෙමෙ සියල්ලම සිදු වන්නේ network layer එකේදී වේ.

•> යම් අවස්ථාවන්හිදී දත්ත ගමන් ගන්නා මාර්ගවල Traffic පැවතිය හැක.එවැනි අවස්ථාවල traffic handle කිරීමද මෙහිදී සිදු කරයි.

•>යවනු ලබන පණිවිඩය ,එහි Ip address හෝ යවන මාර්ගය පිළිබඳව ගිනුම්කරණ තොරතුරු පවත්වා ගැනිමද සිදු කරයි.

•>ජාලය තුල Ip address කළමනාකරණය කිරීමත්,ප්‍රවහන ස්ථරය වෙත සේවා හා අතුරුමුහුනත් සැපයීම්ත් මෙම layer එක මගින් සිදු කරයි.


4.ප්‍රවහන ස්තරය (transport layer)


•> මෙම Layer මගින් TCP/UDP භාවිතා කර පද්දති 2 ක් අතර දත්ත හුවමාරුව පවත්වා ගනී.ඒ සදහා TCP හෙවත් Transmission control protocol භාවිතා කරයි නම් reliable connection(connection oriented transmission) ද UDP භාවිතා කරයිනම් Unreliable connection(connection less transmission) ද ඇති කරයි.  

•>TCP මගින් end to end transmission ඇති කරන අතර එම නිසා cost effective transmission සකස් නොවේ.එම අවස්ථාවේම දෙපසම එකිනෙක සම්බන්ධ විය යුතුය.මෙම සම්බන්ධතාවය විශ්වාසනීයව ගොඩනැගීමට හා පවත්වා ගෙන යාම හා නවතා දැමීමට Transport layer උපක්‍රම 3 ක් භාවිතා කරනු ලබයි.

1.acknowledgement - සැමවිටම දත්ත යැවිම,ලබා ගැනීම, ලැබුනු බව හෝ නොලැබුනු බව දැන්වීම 

2.Sequencing - දත්ත පැකට් අනුපිළිවෙලකින් නම් කර ඇත.ඒ අනුපිළිවෙල ලබා ගනී

3.flow control - දත්ත ගැලීම් පාලනය

යන ක්‍රම 3 භාවිතා කරයි.

TCP control මගින් flow control පවත්වා ගැනීමට,

1.Buffering 

2.Windowing

3.Congestion avoidance භාවිතා කරයි.

•> UDP(universal datagram protocol) මගින් end to end transmission ඇති නොකරන අතර එම නිසා cost effective transmission සකස් වේ.කෙලින්ම end system හා සම්බන්ධ නොවන බැවින් මිල අඩුය.

Web site එකකට සම්බන්ධ වී web පිටු බැලීම හා ගීතයක් ඇසීම වුවද reliable connection මගින් සිදුවන අතර,ඒ සදහා Reliable connection සකස් කිරීම මෙන්ම පැවැත්වීම සදහා වේගවත් සම්බන්ධතාවයක්ද එම අවස්තාවේම සම්බන්ධතා සදහා පිලිතුරු ලබා දීම අවශ්‍ය වුවද sms,email මේ ක්‍රමයට දෙපසටම දත්ත එකවර ගෙන නොයන බැවින් Bandwidth අවශ්‍ය වේ.එලෙසම දත්ත packet end connection නැති බැවින් නිශ්චිත මාර්ගයක ගමන් නොකරයි.ඕනෑම මාර්ගයක ගමන් කර end station වෙත යයි.මේ නිසා දත්ත ලැබීම 100% ක් විශ්වාසයක් නැත.


5.සැසි ස්ථරය ( session layer)


•> පරිගණකය අතර සම්බන්දය පවත්වා ගනී.Local හා Remote application අතර Connection ආරම්භය (Eastablish),පවත්වා ගැනිම (Manage),අවසන් කිරීම (Termnate) සිදු කරයි.

•>දත්ත ගෙන යන්නේ Full duplex ,Half duplex, හෝ simple operation මගින්ද යන්න තීරනය කරන්නේ මෙම Layer එක මගිනි.

•> RPC (remote procedure call) මගින් application පරිසර තුල විවෘත භාවය පවත්වා ගනී.

•> Session data එකිනෙක වෙන්කර පවත්වා ගනී.Session කිහිපයක් එකවර වුවද ඇති කල හැක.

6.සමර්පණ ස්ථරය (Presentation Layer)


•>Data Representation හෙවත් දත්ත Encryption,compression,convert කිරීම සිදු කරයි.Application format සිට network format වෙත දත්ත පරිවර්තනය කරයි.

•>EBCDIC - coded text file,ASCII- coded file බවට පත්කිරීම මෙයට උදාහරණ වේ.

මෙම Layer එක තුලින්,

•>දත්ත ධාරාව පාලනය.(Data Stream)

•> වැඩි දත්ත ප්‍රමාණයක් වරකදී ගෙන යාම Compression තුලින් සිදු කිරීම

•> Conversion මගින් දත්ත සුදුසු ආකාරයට පත් කිරීම 

•> Encryption තුලින් දත්ත වල ආරක්ෂාව වැඩි කිරීමට හැකි විම මෙහිදී සිදු කරන වැදගත් කාර්යයන් කිහිපයකි


7.යෙදුම් ස්ථරය (Application Layer)


•> මෙය user හා ලගින්ම පිහිටා ඇත.ඒ නිසා user software application මගින් මෙම layer හරහා ක්‍රියා කරයි.word processor,Web processor, E-mail software මේ සදහා පෙන්විය හැක.

•> සන්නිවේදනය සිදුකල යුතු කොටස් හදුනා ගැනීම(Communication Partners)

•> ඇති සම්පත් හදුනා ගැනිම.(Resources Availability)

•> සන්නිවේදනය සමකාලනය හෙවත් දත්ත හුවමාරු කිරීම.(Synchronizing communication) මෙම Application layer එක මගින් සිදු කරයි.

•>User authentication හෙවත් user හදුනා ගැනිම හා ඇතුලු වීමට අවසර ලබා දීම සිදුකරන්නේද application layer සහය ලබා ගෙනයි.

•> Application service හෙවත් යැවිය යුතු දත්ත කුමන වර්ගයේ ඒවාද ඒ සදහා කුමන software protocol සහය විය යුතුද යන්න තිරණය කිරීමද මෙහිදී සිදු කරයි.

උදා:- images, vedio,text වැනි දත්ත සදහා data format වශයෙන් BMP,MPG,AVI,MP3 ආදී ලෙස සහය දක්වන file format හදුනා ගත යුතුය දත්ත යවන ආකාරය ඉන්පසු තිරණය කරයි.

මෙහිදී භාවිතා කරන Protocol ලෙස,

HTTP( hyper text transfer protocol)

FTP(file traansfer protocol)

SMTP(simple mail transfer protocol ) දැක්විය හැක.




එසේනම් දැන් OSI Model හි සියලුම Layers ගැන ඔයාලා දැනගත්තා.අපැහැදිලි තැනක් තිබේ නම් අහන්න.මන් පිලිතුරු ලබා දෙන්නම්.ඊලඟ part එකෙන් අපි දත්ත ගැලීම සිදුවන අකාරය පිලිබදව ඉගෙනගනිමු.

Tagged:
Sign In or Register to comment.