Skip to content

Syntax of Java

අද Java වල Basic Syntax එක ගැන කියන්නේ මොකක්ද කියලා බලමු. ඔයාට පහලින් පේන්න තියෙන code එක තමයි basic Syntax එක වෙන්නේ Java වලදි.

හරි පේලියෙන් පේලිය ගැන විස්තර කරන්නම්.

Line number 1

public class MyClass

උඩම line එකේ තියෙන්නේ ඔය code එක. ඔයා දන්නව ඇති Java run වෙන්නේ class ඇතුලේ ඒ කියන්නේ ඔයාට code කරන්න ඕන හැම දෙයක්ම ඔයා code කරන්න ඕන ඔය public class MyClass කියන class එක ඇතුලේ ඒකේ open brackets, closing brackets ඇතුලේ තමයි ඔයාගේ code එක ලියන්න ඕන. ඔයාගේ Java file එකේ name එක අනිවාර්යයෙන්ම ඔයාගේ class name එකට සමාන වෙන්න ඕන ඒ කියන්නේ ඔයාගේ Java file name එකයි Java class name එකයි කියන දෙකම එක වෙන්න ඕන. ඔතනදි ඔයාගේ class එක Public ඒ කියන්නේ ඔයාගේ class එකට ඕන තැනක ඉදන් access කරන්න පුළුවන් කියන දේ class කියන්නේ keyword එක MyClass කියන්නේ ඔයාගේ class එකේ name එක. ඔයාට class name වලට Java වල keywords යොදා ගනකන බෑ. තව දෙයක් Java case-sensitive language එකක් ඉතින් ඔයා MyClass කියල ඔය වගේ type කරල තව java file එකක් myClass විදිහට හැදුවත් කිසිම ප්‍රශ්නයක් නෑ මොකද Java ඒ file දෙක, දෙකක් විදිහට සලකන නිසා. තව දෙයක් තියනවා සාමාන්‍යයෙන් ඔයා Java class එකකට name එකක් දෙනකොට අනිවාර්යයෙන්ම පලවෙනි අකුර capital වලින් දෙන්න අමතක කරන්න එපා.  මම ඔයාට පෙන්නන්නම් ඔයාගේ file name එක class name එකත් එක්ක සමාන වෙන් නැති උනහම වෙන දේත්. ඔයාට පහලින් තියෙන error එක බලාගන්න පුලුවන්. ඔයා Java වල වැඩ කරගෙන යද්දී ඔයාට ඔය වගේ error එකක් ආවොත් ඔයා අමතක කරන්න එපා ඒ error එකේ තේරුම ඔයාගේ Java file name එක ඔයාගේ Java class name එකත් එක්ක සමාන නැති නිසා තමයි ඔය error එක එන්නෙ කියල. මෙතනදී මම class name එක වෙනස් කරලා තියෙනවා.

මේ තියෙන්නේ එතකොට එන error එක

Line number 2-7

{ }

මෙතනදී ඔයාට වරහන් දෙකක් තමයි බලාගන්න පුලුවන්. ඒ වරහන් දෙක ඇතුලත තමයි ඔයාගේ code එක ලියන්න ඕන.

Line number 3

public static void main(String[ ] args)

මේක තමයි main method එක වෙන්නේ Java වලදි. Public කියන keyword එකෙන් ඕන තැනක ඉදල ඒ කියන්නේ ඔයාගේ program එකේ ඕනම තැනක ඉදල main method එකට access කරන්න පුළුවන් කම ලැබෙන්නේ ඔය public keyword එක නිසා. static කියන keyword එක නිසා JVM එකට  main method එකට call කරන්න පුළුවන් කිසිම object එකක් create කරන් නැතුවම. void කියන එකේ තේරුම තමයි කිසිම return value එකක් main method එකේ නැහැ කියන එක. main කියන්නේ ඔයාගේ method එකේ නම ඔයාට මෙතනදී ඕනම නමක් දෙන්න පුළුවන් ඒත් අපි හොයාගන්න ලේසි නිසා main කියල භාවිතා කරනව. (String [ ] args) මෙතනදී වරහන් දෙක යොදාගන්නේ parameter pass කරන්න. මෙතනදී pass කරන parameter එක තමයි array එකක්. ඒ array එකේ data type එක වෙන්නේ String. Array එකක් අපි පෙන්නන්නේ මේ [ ] වරහන් වලින්. ඒ array එකේ name එක තමයි args කියන්නේ. ඔයාට මෙතනදිත් ඕනම නමක් භාවිතා කරන්න පුළුවන් ඒත් default යොදා ගන්නේ args තමයි. මේ Line number 3 එකේ තියන code එක මේ තියන විදියට තමයි හැම තැනදිම භාවිතා වෙන්නේ. මෙතනදී String කියන keyword එකේ මුල් අකුර capital වෙනව ඔයාට (String [ ] args) විදිහට ලියන්න පුළුවන් ඒ වගේම (String args[ ]) විදිහට ලියන්නත් පුළුවන්.


Line number 4-6

{ }

මේ වරහන් දෙක තමයි main method එකේ වරහන් දෙක ඔයාගේ main method එකේ ලියන්න ඕන හැම දෙයක්ම වගේ මේ වරහන් දෙක ඇතුලේ තමයි ලියන්න ඕන.

Line number 5

System.out.println("Hello World");

මේ code එක භාවිතා කරල ඔයාට ඕනම දෙයක් out put එකක් විදිහට නැත්නම් display වෙන විදියට යොදා ගන්න පුලුවන්. System.out.println(" "); මෙතනදී " " පෙරලි කොමා දෙක ඇතුලත ලියන ඕනම දෙයක් print එකක් විදිහට ඔයාට බලාගන්න පුලුවන්. මේ code එකේදි System කියන තැන S අකුර capital වෙන්න ඕන අනිවාර්යයෙන්ම. මේ code එකේ end එක පෙන්නුම් කරන්න ; ඔය ලකුන යොදා ගන්නවා. println එක මගින් අලුත් line එකක print එක වෙනව ඔයාට print කියල උනත් යොදාගන්න පුළුවන්.

Output


Sign In or Register to comment.