PHP Case Sensitivity Explain in Sinhala - Lesson 04
මොකක්ද මේ PHP Case Sensitivity කියන්නේ?
- Case Sensitivity කියන්නේ lowercase (Simple) සහ uppercase (Capital) letters program එකට වෙන වෙනම අදුනගන්න පුලුවන්ද කියන එකටයි.
- ඒ කියන්නේ ඔයාගේ programming language එක case sensitive නම් ඔයා simple capital මාරු කරලා coding කලොත් errors එන්න පුළුවන්.
- PHP වලදී key words ඇරෙන්න අනිත් classes, variables, functions, and user-defined functions Case Sensitive.
- ඒ කියන්නේ PHP වලදී simple capital මාරු කරලා type කලාට ගැටලුවක් නැත්තේ key words විතරයි.
(e.g.key words if
, else
, while
, echo
, etc.)
Example 01
<!DOCTYPE html> <html> <body> <?php ECHO "Hello World!<br>"; echo "Hello World!<br>"; EcHo "Hello World!<br>"; ?> </body> </html>
මේ example එකේ echo කියන keyword එක එක එක විදියට දාල තියෙනවා. ඔයාල මේක රන් කරලා බලන්න වෙනසක් තියෙනවද කියල.
Example 02
<!DOCTYPE html> <html> <body> <?php $color = "red"; echo "My car is " . $color . "<br>"; echo "My house is " . $COLOR . "<br>"; echo "My cap is " . $coLOR . "<br>"; ?> </body> </html>
බලන්න මේ example එක. මේකේ $color කියල variable එකක් හදල තියෙනවා. ($color = "red";
)
පහලින් තියෙන lines වලින් ඒ variable එක use කරලා තියෙනවා එක එක ආකාරයට. ( $color
, $COLOR
, සහ $coLOR
)
නමුත් php වලදී variables case sensitive නිසා මේවා එක variable විදියට නෙමෙයි variables තුනක් විදියට තමයි ගන්නේ.
මේකත් run කරලා බලන්න මොකක්ද result එක කියල.
php tutorial sinhala
Tagged:
1