Introduction to PHP in Sinhala - Lesson 01
PHP කියන්නේ මොකක්ද?
- PHP කියන්නේ "Hypertext Preprocessor" කියන එකට.
- ආරම්භයේදී PHP අර්ථ දැක්වුයේ "Personal Home Page Tools" ලෙස.
- PHP යනු පුළුල් වශයෙන් භාවිතා වෙන open source (විවුර්ත කේත) scripting language එකක්.
- PHP scripts execute වන්නේ server එකක් තුල පමණයි.
- PHP නොමිලේ download කරගැනීමට සහ භාවිතා කිරීමට පුළුවන්.
PHP File එකක් කියන්නේ මොකක්ද?
- PHP files එකක text, HTML, CSS, JavaScript, සහ PHP code ඇතුලත් කල හැකියි.
- PHP code එක server එක තුල execute වෙලා result එක අපේ web browser එක තුල HTML පිටුවක් ආකාරයට පෙන්නනවා.
- PHP file එකේ extension එක තමයි "
.php
"
PHP වලින් මොනවද කරන්න පුළුවන්?
- PHP වලට පුළුවන් generate කරන්න dynamic page content. (ඒ කියන්නේ මේ kuppiya.lk වගේ ඔයාල කරන දේවල් අනුව පේජ් එක වෙනස් වෙනවා. ඔයා profile picture එකක් upload කලොත් ඒක ඒ අවස්ථාවෙම පෙන්නනවා. code edit කර කර photos දාන්න ඕනේ නැහැ.)
- PHP වලට පුළුවන් server එක තුල files create කරන්න, files open කරන්න, read කරන්න, write කරන්න, delete කරන්න, සහ close කරන්න.
- PHP වලට පුළුවන් form එකක data එකතු කරගන්න. (ඔයාල kuppiya.lk එකේ register වෙනකොට type කරපු data එකතු කරලා database එකට යවනව වගේ.)
- PHP මගින් cookies සෙන්ඩ් කරන්න සහ receive කරන්න පුළුවන්.
- PHP මගින් පුළුවන් database එකකට data add කරන්න, delete කරන්න හා modify කරන්න.
- PHP යොදාගෙන පුළුවන් data encrypt (ඛේතනය) කරන්න.
Next Lesson එකෙන් කියල දෙන්නම් PHP code එකක් run කරගැනීම සදහා පරිගණකය සකසාගතයුතු ආකාරය.
Tagged:
3
Comments
ගොඩක් අය php වලින් individual project කරන නිසා මේක ගොඩක් වැදගත් වෙයි 👍️
@Kelum_Priyankara බොහොම ස්තුතියි.