Advertise here : Rs.500/= per week (email: [email protected])

Cmd codes & Batch programming

Discussion in 'ක්‍රමලේඛන-programming' ආරම්භ කරන ලද්දේ Shanilka Wariyapperuma, Jan 1, 2017.

  1. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    35
    Likes Received:
    15
    මේ ගැන මට මේ ප්‍රශ්න තියෙනව.

    1) අපි කොහොමද Cmd codes හිතන්නෙ? ඔක්කොම මතක තියාගන්න බෑනෙ...
    2) DOS කියන්නෙ මොකද්ද? ඒක මෙතෙන්ට සම්බන්ද වෙන්නෙ කොහොමද? ඒ වගේම DDOS කියන්නෙ මොකද්ද? ඒව Cmd වලට සම්බන්ද නැද්ද? DOS Attack එකක් කියන්නෙ මොකද්ද? ඒක වෙනමම කතාවක්ද?
    3) Batch Programming වලදි .bat .vbs එක්ස්ටෙන්ෂන් වලින් සේව් කරද්දි දෙකේ තියෙන වෙනස මොකද්ද? කොයි ඒවට මොන Extension එක දානවද කියල තෝරගන්නෙ?

     
  2. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    35
    Likes Received:
    15
    0xEDD1E brother monawada danne me gana???

     
  3. Sylaleas
    Offline

    Sylaleas සාමාජික

    Joined:
    Nov 3, 2016
    අදහස්:
    37
    Likes Received:
    8
    Dos Ddos kynne dekak. DOS - Disk operating system DDOS - Distributed denial of service
    .bat kynne batch file wla extension eka. .vbs kynne visual basic script file wala extension eka

     
    Krishan මෙම අදහසට කැමතියි.
  4. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    35
    Likes Received:
    15
    Thanx bro....

     
  5. 0xEDD1E
    Offline

    0xEDD1E ප්‍රකට සාමාජික contributor - VIP

    Joined:
    Apr 14, 2016
    අදහස්:
    420
    Likes Received:
    658
    අපි කිසිම programming language එකක් මතක තියාගන්නෙ නෑ. CMD codes කියන්නෙ හුඟක් වෙලාවට programs වල නම්. (if-else, වගේ භාෂාවෙ කොටස් ඇරුණම). අපි සිංහල වල වචන මතක තියාගන්නෙ නෑනෙ. ඔලුව ඇතුලෙන් අවශ්‍ය වෙලාවට වචන එනවා. එහෙම නැතුව මේ වචනෙ තේරුම මේකයි, අර වචනෙ තේරුම මේකයි කියලා මතක තියාගන්නෙ නෑනෙ. වැදගත් වෙන්නෙ අදහසක් පෙල ගස්වන්න අපිට තියෙන හැකියාවයි. programming languages වලටත් එහෙම තමයි, ඒවයෙ තියෙන codes මතක තියාගෙන වැඩක් නෑ. (C වල නම් එහෙම මතක තියාගන්න දෙයක් ඇත්තෙම නෑ, වචන 32යි මුළු භාෂාවටම තියෙන්නෙ (ANSI C)). අපි මොළෙ පුරුදු කරන්න ඕනෙ හරි විදිහට programming language එකක් පාවිච්චි කරන්න.

    DOS කියන එකට තේරුම් කිහිපයක් තියෙන්න පුළුවන්. මට මතක් වෙන දෙක තමයි
    • Disk Operating System
    • Denial Of Service
    Disk Operating System එකක් කියන්නෙ Hard disk එකක්, Floppy එකක් වගේ disk storage එකක් handle කරන්න පුළුවන් OS එකකට. මෙහෙම කිව්වට දැන් තියෙන Win10,Ubuntu වගේ ඒවා මේ Disk Operating Systems කියලා වර්ග කරන්න බෑ. ඉස්සර computers වල Hard disk, flash memory එහෙම තිබුනේ නෑ, punch cards, magnetic tapes වගේ දේවල් වල තමයි දත්ත තැම්පත් කලේ. ඒත් පස්සෙ කාලෙදි Hard disks, floppies හැදෙන කොට ඒවා පාවිච්චි කරන්න වෙනම software ඕනෙ වුනා. මොකද punch card එකකින් data ගන්නවාට වඩා හුඟක් සංකීර්ණයි hard disk එකකින් data ගන්න එක. ඒ නිසා ඒ වෙනුවෙන හැදුන OS වර්ගය තමයි Disk Operating Systems කියන්නෙ. අපි නම් අද හුඟක් වෙලාවට DOS කියන්නෙ MS-DOS එකට. ඒ වගේම කතාවට කියද්දි command prompt එකටත් DOS prompt එක කියලා කියනවා.

    Denial Of Service Attack එකක් කියන්නෙ server එකකින් අසාමාන්‍ය විදිහට data ඉල්ලලා, ඒ කියන්නෙ server එක overload වෙන තරමට requests යවලා තාවකාලිකව server එක "අසරණ" කරලා ඒ service එක අඩපණ කරන cyber attack එකක්. උදාහරණයක් විදිහට අපි හිතමු අපේ server එකකට එකපාර handle කරන්න පුළුවන් request 1000යි කියලා. (request කියන්නෙ server එකේ තියෙන page එකක් ඉල්ලීම වගේ දේවල්). එහෙමනම් මේ server එකේ තියෙන page එකක් එක වෙලාවෙ බලන්න පුළුවන් 1000 දෙනෙකුට විතරයි. DOS attack එකක් කරන කෙනෙක් කරන්නෙ එකපාර server එකට requests 1500ක් විතර එවන එක. එතකොට server එක කරන්නෙ මේ ආපු requests 1500 තමන්ගේ queue එකට දාගෙන එකින් එක serve කරන එක, දැන් attacker එවපු requests 1500 serve කරනකම් ඇත්තටම අපේ server එකට visitors ලාට (හොඳ අයට) අපේ server එකෙන් service එකක් ගන්න බෑ. ඒ නිසා ඒ අයට දැනෙන්නෙ server එක අඩපණ වෙලා වගේ (සමහර sites එකපාරට slow වෙන්නෙ, කුප්පියෙත් එහෙම වුණා එක පාරක්; මගේ මතකෙ හරි නම්).

    .bat කියන්නෙ BATCH file එකක්. ඒ කියන්නෙ command prompt එකට තොග වශයෙන් commands ලබා දෙන file එකක්. .vbs කියන්නෙ vb Script file එකකට. VBScript කියන්නෙ BATCH වලට වඩා ටිකක් advanced scripting language එකක්. දැන් තියෙන powershell එකත් (ඒකේ scripts) මේ වගේ දෙයක් වෙන්න ඕනෙ.

    sources:
    [1]: https://en.wikipedia.org/wiki/Disk_operating_system
    [2]: https://en.wikipedia.org/wiki/Denial-of-service_attack
    [3]: https://en.wikipedia.org/wiki/VBScript

     
    S.J Dilanka සහ Sylaleas මෙම අදහසට කැමතියි.
  6. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    35
    Likes Received:
    15
    Menna meeka karana hati cmd code ekka tikak savistharawa kiyanna puluwanda?

     
  7. 0xEDD1E
    Offline

    0xEDD1E ප්‍රකට සාමාජික contributor - VIP

    Joined:
    Apr 14, 2016
    අදහස්:
    420
    Likes Received:
    658
    BATCH කියන්නෙ programming language එකක් නෙමෙයි.(මම නම් හිතන්නෙ ඒක automating method එකක්) ඒකෙන් programming ඉගෙන ගන්න අමාරු වෙයි. (මම වැඩිය ඒක පාවිච්චි කරලා නෑ). programming වලදිත් කරන්නෙ අදහස් ප්‍රකාශ කිරීමක්. හැබෑ ජිවිතේදි නම් අපිට කැමති විදිහකට භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. කොයිතරම් ව්‍යාකරණ වැරදුනත් හරි වචන ටික තියෙනවා නම් කෙනෙක්ට අපෙ අදහස අල්ල ගන්න පුළුවන්. හැබැයි මේ වැඩෙ computer එකක් සම්බන්ධව කරන්න බෑ. එයාට හරියටම, පැහැදිලිවම, නිශ්චිතවම අදාල අදහස දෙන්න ඕනෙ. ඒකට තමයි programming languages හදලා තියෙන්නෙ. programming language එකකදි කිසිම වෙලාවක එක ප්‍රකාශනයකින් අදහස් දෙකක් ප්‍රකාශ කරන්න බෑ. ගණිතය කියන්නෙත් මේ වගේ භාෂාවක්. මේ භාෂාවන් පාවිච්චි කරන්න පුරුදු වෙන්න කියලා ක්‍රමයක් මම දන්නෙ නෑ. ඔයා මොකක් හරි programming language එකක් ඉගෙන ගන්න (python වගේ එකක් නම් හොඳයි; ඒත් ඒක තමා හොඳම එක කියලා දෙයක් නෑ). ඊට පස්සෙ ඔයා programs ලියන්න ඕනෙ. වෙන ක්‍රමයක් නෑ programming ඉගෙන ගන්න.

    ප.ලි : "The C Programming Language, 2nd Edition [Kernighan & Ritchie]" කියලා පොතක් තියෙනවා ඒක තමා මම කියවල තියෙන හොඳම පොත, programming language එකක් සම්බන්ධව. programming ගැන පොඩි දැනුමක් තියෙනවා නම් මේ පොත අනිවාර්යෙන්ම කියවන්න. C දන්නවා නම් අනික් programming languages ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්. (ඒක මගේ අත්දැකීමක් විතරයි)

     
    S.J Dilanka මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page