Advertise here : Rs.500/= per week (email: [email protected])



joinlanka

ක්‍රමලේඛන භාෂා වැඩ කරන්නේ කොහොමද??

Discussion in 'ක්‍රමලේඛන-programming' ආරම්භ කරන ලද්දේ ටෙකා, Sep 12, 2015.

  1. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,957
    මේක ගැන තව ටිකක් විස්තර කරන්නකෝ

     
  2. 0xEDD1E
    Offline

    0xEDD1E ප්‍රකට සාමාජික

    Joined:
    Apr 14, 2016
    අදහස්:
    436
    Likes Received:
    697
    මෙහෙමයි ටෙකා, අපේ computer වල processors හැම එකකම, තියෙනවා වැඩ කරන්න ක්‍රමයක්, core i7, හරි dual core, හරි කොහොම එකක් උනත් වැඩකරන්නේ මේ ක්‍රමයටයි. මන් ඒ ක්‍රමය මට තේරෙන උපරිමයෙන් ලියන්නම්. හැබැයි මේක මීට වඩා හුඟක් සංකීර්ණ දෙයක්.
    processors කතාකරන භාෂාවේ අකුරු 2 යි තියෙන්නේ, (1, 0) ඇයි මේ 1, 0 කියන දෙකම තොර ගත්තේ කියලා ප්‍රශ්නෙකුත් එන්න පුළුවන්නේ,

    ඒකට උත්තරේ තමයි, අපිට ජිවිතේ හම්බු වෙන ඕනෙම test එකකදී තෝරාගන්න ලැබෙන්නේ ක්‍රම 2යි, හිතන්නකෝ O/L වලින් පස්සේ A/L කරන්න කෙනෙක්ට තෝරාගන්න, තියෙන ක්‍රම ටික, ලංකාවෙනම් ක්‍රම 4 ක් තියෙනවා, maths ද, science ද, commerce ද, arts ද, කියලා නේ, එහෙම නේ ඕන කෙනෙක් කියන්නේ, දැන් හිතන්න කෙනෙක් maths කරන්න හිතාගත්ත කියලා, දැන් ඔයා කියයි "ඉතින් එයා maths තෝරාගත්තේ ක්‍රම 4කින් නේ?" කියලා, නෑ එයාට ඇත්තටම තිබුනේ ක්‍රම 2යි (ඊට වඩා ලැබෙන්නෙත් නෑ), ඒ තමයි, maths කරනවද? නැත්නම් වෙන දෙයක් කරනවද? කියන ක්‍රම දෙක. මෙන්න මේ වගේ තමයි CPU එකටත් එයටත් හැමවිටම ලැබෙන්නේ තෝරාගැනීම් 2යි, ඒ 1 හෝ 0, ඔව්, නෑ කියන අදහස් දෙක නිරූපනය වෙන්න තමයි 1, 0 තෝරාගෙන තියෙන්නේ.

    ඔයා transistors ගැන දන්නවා ඇතිනේ, transistor එකක base එකට current එකක් ලැබුනොත් තමයි emitter එකෙන් collector එකට current එකක් ගලන්නේ. දැන් ඔයාට පේනවා ඇති නේද ඔව්, නෑ කියන එක භාවිතා වෙන මුලිකම අවස්ථාව, base එකට currrent එකක් ලැබිලද? නැද්ද?
    (මේ transistors හරියට ගෙදර තියෙන switches වගේ off කරනකම් on වෙලා තියෙනවා. ඒ ගතිය තමයි මතකය ගොඩනගන්න භාවිතා වෙන්නේ)
    ඔය මොන මොන නම් වලින් හැඳින්වුනත් හැම processor එකක්ම හැදිලා තියෙන්නේ මිලියන (බ්ලියන?) ගණන් ට්‍රාන්සිස්ටර්ස් වලින්. අන්න ඒ transistors වල base එකට current එක ලැබිලද නැද්ද කියන එක දක්වන්න තමයි, 1, 0 යොදා ගන්නේ, මේ transistors වලට යම් යම් රටා වලට current එක දීල අපිට කැමති වැඩක් කරගන්න පුළුවන්.
    transistors කිහිපයක් වෙනස් කරන කොට එකට සම්බන්ද තවත් transistor දහස් ගානක් වෙනස් වෙලා අපිට ඕනේ කරන දේ කරලා දෙනවා. (අන්න ඒ හින්ද තමයි රටාවක් ඕනේ කරන්නේ)
    මේ current එක දෙන රටා තියෙනවා කියලා මම කිව්වනේ ඒ ඒ රටා වල වලංගු භාවය රඳා පවතින්නේ ඒ රටාව දෙන හේතුවත් එක්කයි, මේ හේතුව කියන්නේ ඒ රටාව කොහෙන්ද එන්නේ (keybord, mouse, නැත්නම් වෙන source code එකකින්ද) කියන එක.
    දැන් හිතන්න මේ රටාව
    Code:
    01000001
    දැන් මේ රටාව processor එකට ලැබුනේ keyboard එකෙන් නම් processor එක එක අඳුර ගන්නේ 'A' අකුර විදිහට. RAM එකෙන් ආවනම් වෙනත් ක්‍රමයක් (සමහර විට ඒ processor එකට එකතු කිරීමේ විධානය දෙන විදිහ වෙන්න පුළුවන්) මේකම වෙන්න පුළුවන්.(source code එකකින් අවනම්)
    දැන් අන්න ඒ වගේ අපිට පුළුවන් මේ විදිහට processor එකට විධාන සහ දත්ත ලබා දීලා අපේ වැඩේ කරගන්න. මේ 01000001 කියන එක එක පාරටම ඔයාට කියව ගන්නත් අමාරුයි නේද? අන්න ඒ හින්ද අපි machine එකට instructions දෙන කොට binary format එකට වැඩ සුලබව පාවිච්චි කරන්නේ Hex format එක, එකියන්නේ අපි 'A' අකුර දක්වන්නේ 41H කියලා (අන්තිමට තියෙනේ H අකුරෙන් කියන්නේ Hex number එකක් කියලා)
    ආ... තවත් දෙයක් 'A' අකුරට 41H කියන්නේ ASCII table එකේදීයි.

    මම මේ ලියල තියෙන්නේ ඒ විදිහට 1, 0 යි පාවිච්චි කරලා පොඩි program එකක්, (Hex වලින් තියෙන්නේ)
    Code:
    00000000 48656C6C6F20576F72-
    00000009 6C64             
    00000000 B804000000                
    00000005 BB01000000           
    0000000A B9[00000000]              
    0000000F BA0B000000                
    00000014 CD80                                            
    00000016 B801000000           
    0000001B B800000000            
    00000020 CD80                
    
    කිසිම දෙයක් තේරෙන්නේ නෑ නේද. එක තමයි, මේක මුල් කලේ programmersලට තිබුන ලොකු ප්‍රශ්නයක්, හරියට කියව ගන්නවත් බැරුව කොහොමද මේකේ වැරැද්දක් වත් හොයන්නේ, ලියපු කෙනාටත් පැය 48 ක් ඇතුලත මේක අමතක වෙනවා. ඒ නිසා ඒ ගොල්ලෝ මේකට විසඳුමක් විදිහට මේ Hex codes වලින් කියවෙන දේට එක එක තේරුම් ගන්න මතක තියාගන්න ලේසි නම් දෙන්න පටන් ගත්ත. එකතු කරන code එකට add කියලා දුන්න data move කරන එකට mov කියලා දුන්න. ඒ විදිහට ගිහින් ඒ ගොල්ලෝ වෙනම අලුත් ක්‍රමලේඛ භාෂාවක් හදාගත්ත. එකට කිව්වේ assembly language කියලා. (assembly කියන වචනේ තේරුම් උනත් අරන් බලන්න, ඒ කියන්නේ එකට එකතු කරනවා කියන එකනේ)
    මේ තියෙන්නේ උඩ code එකේ assembly version එක.
    Code:
    section .data
        HelloMsg: db "Hello World"
        HelloLen: equ $-HelloMsg
    
    section .text
    global _start
    
    _start:
        mov eax, 4
        mov ebx, 1
        mov ecx, HelloMsg
        mov edx, HelloLen
        int 80H
    
        mov eax, 1
        mov eax, 0
        int 80H
    
    /* ubuntu 64bit එකකදී ලිවුවේ */
    
    මේ assembly වලින් අපි ලියපු source code එකක් ඔය Hex code එකට හරවා ගන්න, assembler කියලා software එකක් පාවිච්චි කරනවා.
    assembler එක අපේ source එක වචනෙන් වචනේ කියවල ඒ ඒ නමට අදාල Hex code එක output file එකට ලියනවා, ඒ විදිහට තමයි දෙවෙනි code එකෙන් පලවෙනි එක ලැබෙන්න. ඊළඟට linker කියලා software එකකින් මේ code එක run කරන OS එකට අදාල තාව අමතර දේවල් එකතු කරලා program එකක් දෙනවා.
    ඔන්න ඔය assembly language එකට තමයි හුඟක් high-level language compilers තමන්ගේ භාෂාව translate කරන්නේ.
    මන් ඔය assembly වලින් ලියල තියෙන program එක බොහොම සරලව C වලින් මේ විදිහට ලියන්න පුළුවන්.

    Code:
    #include <stdio.h>
    
    int main(void)
    {
        printf("Hello World");
        return 0;
    } 
    assembly code එකෙයි c code එකෙයි සම්බන්දෙ ගත්තොත් මෙහෙමයි.
    assembly code එකේ මෙන්න මේ code ටික
    Code:
    mov eax, 4
    mov ebx, 1
    mov ecx, HelloMsg
    mov edx, HelloLen
    int 80H
    සමාන වෙන්නේ C වල මේ line එකට
    Code:
     printf("Hello World"); 
    මේ assembly code ටික
    Code:
    mov eax, 1
    mov eax, 0
    int 80H
    සමාන වෙන්නේ C වල මේ line එකට.
    Code:
    return 0;
    මේ විදිහට assembly සහ machine චොද්දේ එක අතර සම්බන්දෙ ගොඩනගන්න ටිකක් අමාරුයි මට.

    ඔන්න ඔහොම තමයි ඔයාගේ ප්‍රශ්නට උත්තරේ පෙළ ගස්වන්න වෙන්නේ. තාව නොතේරෙන දෙයක් තියෙනවනම් අහන්න.

     
    Shanilka Wariyapperuma සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  3. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,957
    aහම්මේ හෙන සංකීර්ණ සිද්දියක් නේ දෙපාරක් තුන් පාරක් කියෙව්වා නියමයි ගොඩක් ස්තුතියි තව මොනාහරි ප්‍රශ්න ආවොත් කියන්නම්කො

     
  4. 0xEDD1E
    Offline

    0xEDD1E ප්‍රකට සාමාජික

    Joined:
    Apr 14, 2016
    අදහස්:
    436
    Likes Received:
    697
  5. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,957
  6. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,957
    එත් මට තාම එක දෙයක් තේරුනේ නා

    දැන් අපි වැඩ කරන හැම එකම මොකක්හරි කරලා හෙක්ස් කෝඩ් එකක් කරගන්නවනේ ඉතින් ඒ කෝඩ් එකත් බයිනරි කරගන්න ඕනෙනේ වැඩක් කරන්නනම්

    දැන් කොහොමහරි බයිනරිත් කරගත්ත කියමු එත් කොහොමද අපි දෙන සිග්නල් එකකින් මේ ට්‍රාන්සිස්ටරේට කරන්ට් එක දෙන්න මේකට දෙන්න එපා ඒ විදිහට කරන්නේ කොහොමද

     
  7. 0xEDD1E
    Offline

    0xEDD1E ප්‍රකට සාමාජික

    Joined:
    Apr 14, 2016
    අදහස්:
    436
    Likes Received:
    697
    එක ඇත්තටම software engineering වලට වඩා hardware engineering/ electrical engineering වලට කිට්ටු ප්‍රශ්නයක්.

    අහල තිබුනනේ binary -> Hex කරන්න ඕනනේ කියලා, නෑ, එහෙම කරන්න ඕනේ නෑ, අපි ඔය text file එකක් Hex code ලිව්වට binary Hex අතර වෙනසක් නෑ එකම දේ තමයි අපිට ලේසි විදිහට ලියන්නේ.ඇත්තටම අපි program එකක් double click කරහම වෙන්නේ ඒ program එක RAM එකට load වෙන එකනේ, එතනින් එහාට RAM එකේ තියෙන්නේ binary instructions ටිකක්. (ඒ කියන්නේ RAM එකේ transistors අපේ program එකේ instructions වල විදිහට හැඩගැහෙනවා, මම කිව්වනේ transistors හරියට switches වගේ කියලා, ඒ නිසා තවත් program එකකින් වෙනස් කරනකන් හරි අපේ program එකෙන්ම වෙනස් කරනකම් හරි එවෙඅ ඒ විදිහට තියෙනෙව; "computer එකට මතක තියෙනවා" )
    දැන් මේ binary instructions පිළිවෙලකට processor එක ඇතුලට යනවා, ඊට අදාල output එක එලියට ඇවිත් RAM එකට යනවා. ඔය විදිහට තමයි එක සිද්ධවෙන්නේ.

    මේකට උත්තරේ තමයි binary code එකක් කියන්නේ මේකට තමයි. හිතන්න transistors 16 ක පේළියකට අපි instructions දෙනවා කියලා. ඒ කියන්නේ මෙහෙමයි, (බොහොම සරලව) හිතන්න processor එකේ instruction ගන්න කොටසට current එක එන්න පින්ස් 16 ක් තියෙනවා කියලා.
    දැන් අපි මෙන්න මෙහෙම instruction එකක් දෙනවා කියලා (මතක තියාගන්න මේ දෙන්නේ 1, 0 නෙමෙයි හොඳේ high/low voltages කියන එක නිරුපනය වෙන්න තමයි 1, 0 ගන්නේ. high: 1, low: 0)
    0100001000000010
    මේකේ අදහස තමයි. 1, 9, 14,(දකුණු පැත්තේ ඉඳන් 0 ඉදන් ගනින්න) කියන pin වලට high voltage දීලා, අනිත් ඒවාට low voltage දෙන්න කියන එක


    අමතර කරුණු ටිකක්, --- මෙතනින් එහා ඕනේ නම් විතරක් කියවන්න, හැබැයි ඊට පස්සේ තවත් ප්‍රශ්න 100ක් විතර මතුවේවි ---


    machine එකක් RAM එකේ හැම byte එකකටම address එකක් තියෙන බව ඔය දන්නවා ඇතිනේ. ඒ address ටික 0 ඉඳන් යම් උපරිම සංඛ්‍යාවක් වෙනකම් වැඩිවෙනවා. හිතන්න 4GB RAM එකක් කියලා එහෙනම් එකේ bytes වල address පරාසය වෙන්නේ [0 - 4294967295 (2^32 - 1)] කියන පරාසය, (ඔයාට තේරෙනවා ඇතිනේ මේ පරාසය තුල bytes 4294967296ක් තියෙනවා කියලා; 4294967296 bytes = 4 GB), ඉතින් මේ වගේ පරාසයක bytes address කරන්න එක එක processor එක එක ක්‍රම භාවිතා කරනවා, සමහර processors එක වරකට RAM එකෙන් 1 byte එකක් ගන්නවා. තව ඒවා 2ක් ගන්නවා (මේ processors දැන් භාවිත කෙරෙන්නේ නෑ) දැන් තියෙන හුඟක් ඒවා වරකට 4ක්(32 bit) හෝ 8ක්(64 bit) තමයි ගන්නේ. මේකට කියනව word size එක කියලා (හුඟක් වෙලාවට 2කෙ බලයක් තමයි ගන්නේ),මේවා මෙහෙම ගන්නේ මොකද කිව්වොත් processor එකකට එක වතාවකට handle කරන්න පුළුවන් bits ගණන තමයි මේ 32, 64 bit කියලා කියන්නේ. අපි ගත්තොත් 32 bit CPU එකක එයාට handle කරන්න පුළුවන් 00000000000000000000000000000000 .... 11111111111111111111111111111111 (ඉලක්කම් 32යි) පරාසයේ සංඛ්‍යා විතරයි. (0 ඉඳන් 4294967295)
    මේ RAM එකේ address කියලා ගත්තොත් 32bit processor එකකට handle කරන්න පුළුවන් 4 GB වෙනකම් විතරයි. ඔය අහල ඇතිනේ 32bit OS වලට 4 GB වලට වඩා RAM ගහන්න බෑ කියලා එකටත් හේතුව මේක තමයි.
    64 bit processor එකක් ගත්තොත් එකට 0 ඉඳන් 18446744073709551615 වෙනකම් සංඛ්‍යා handle කරන්න පුළුවන්. (මේවා RAM එකේ address උනානම් 1EB (ExaByte) වෙනකම් RAM එකක් පාවිච්චි කරන්න පුළුවන්; ඒ උනත් OS වල limitations නිසා මේක 128 GB වෙලා තියෙනවා)

    දැන් මෙහෙම RAM එකෙන් ගන්න ඒවා processor එක ඇතුලේදී කොහොමද handle කරන්නේ කියලත් කිව්වොත් මෙහෙමයි.
    ඊට කලින් තව පොඩි දෙයක් තියෙනවා, හැම program එකක් run වෙන්න පටන් ගනිද්දී OS එකෙන් ඒ program එකට RAM එක ඇතුලේ අවකාශයක් (segment) හදල දෙනවා. මේ අවකාශය කියන්නේ address පරාසයක්. මේකේ ආරම්භක address එකට කියන්නේ segment address එක කියලා මේ segment එකත් code segment, data segment, stack segment, extra segment, f segment, g segment කියලා අයෙත් බෙදෙනවා.
    program එකේ ඔක්කොම data, instructions තියෙන්නේ මේ පරාසයේ.
    ඒ ටික එහෙම මතක තියා ගන්නකො දැන් මම processor එක ඇතුලට යන්නම්.
    processor එක ඇතුලෙත් පොඩි මතක ගබඩා තියෙනවා, මේවට කියන්නේ registers කියලා. මෙව්වයේ "සම්පුර්න" size එක තීරණය කරන්නේ 32 bit, 64 bit කියන එකෙන්, (32 bit නම් register එකක එකක් size එක බිටු 32යි; ඔව් පොඩියි තමයි එවුනාට අපේ වැඩ වලට හොඳටම ඇති, අපි මෙතන ඉඳන් 64 bit ගැන අමතක කරලා කතාකරමු, එතකොට ලේසියි.) ඕනේම processor එකක තියෙන registers කිහිපයක් තියෙනවා
    1. CS - code segment එකේ address එක තියාගන්න
    2. DS - data segment එකේ address එක තියාගන්න.
    3. SS - stack segment එකේ address එක තියාගන්න.
    4. ES - extra segment එකේ address එක තියාගන්න.
    5. FS, GS - F හා G segments වල address තියාගන්න.
    6. EAX, EBX, ECX, EDX, ESP, EBP, ESI, EDI - General Purpose(GP) registers
    7. EIP - ඊළඟට ක්‍රියාත්මක කරන්න ඕනේ instruction එකේ address එක
    8. EFlags - Flags register එක CPU එකේ යම් යම් තත්ත්ව පෙන්නුම් කරන්න පාවිච්චි කරනවා.
    මේ ඉහල තියෙන registers දැනුමට කරුණු ලිව්වේ අදහසක් ගන්න විතරයි.
    processor එකක් හැමවිටම කරන්නේ EIP එකේ තියෙන address එකේ තියෙන instruction එක අරගෙන ඒ අනුව වැඩ කරන එක. තවත් මේක ගැන ලිව්වොත් ඔයාටත් එපා වෙයි, මේක assembly පාඩමක් බවටත් පත්වේවි.

     
    Code MX සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  8. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,957
    නියමයි එපා වෙන්නේ නා ඉතුරු ටිකත් දාන්න

     
    Code MX මෙම අදහසට කැමතියි.
  9. Lahiru Himesh Madusanka
    Offline

    Lahiru Himesh Madusanka ප්‍රකට සාමාජික

    Joined:
    Aug 27, 2015
    අදහස්:
    458
    Likes Received:
    788
    එක අකුරකින් නෙමෙයි. අපි මොන දේ කියුවත් පරිගණයකයට ඒක ගාණක් හැදීමක්. සාමාන්‍ය පෙලට කියලා දෙනවා ගේට් ගැන. (Logic gates) මේවා තමයි ඕනම පරිගණකයක මූලික තැනුම් ඒකකය. අපි කියන දේවල් එයා ගණිතමය ආකාරයෙන් හදලා, ඊට පස්සේ ඒ ගාණ ලොජික් ගේට් සීරීස් එකක් හරහා විසඳනවා.
    එතනින් එන පිළිතුර අපිට තේරෙන විදියට හරවලා තමයි ආයෙත් කියන්නේ.

     
    Code MX මෙම අදහසට කැමතියි.
  10. 0xEDD1E
    Offline

    0xEDD1E ප්‍රකට සාමාජික

    Joined:
    Apr 14, 2016
    අදහස්:
    436
    Likes Received:
    697
    ඒක ඇත්ත. මේ computer හැම එකක්ම වැඩ කරන්නේ AND, OR, NOT, XOR කියන gates හතරෙන්. මේවා හොයාගත්තු මිනිස්සු කොහොම යද කියලා හිතාගන්නකෝ!!

     
    Code MX මෙම අදහසට කැමතියි.
  11. 0xEDD1E
    Offline

    0xEDD1E ප්‍රකට සාමාජික

    Joined:
    Apr 14, 2016
    අදහස්:
    436
    Likes Received:
    697
    හ්ම්ම්... කරුණු ඔක්කොම පෙළගස්වල තව ටික දවසකින් දාන්නම්, නැත්නම් ඒක විකාරයක් වෙනවා.

     
    Code MX සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  12. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    36
    Likes Received:
    15
    Me bite code kathaawa hamathanama thienawada? Ooka JAVA wala witharai neda thiyenne?
    Mama ahala thiyena widihata JAVA Compiler bytecode walata compile karanawa. eeka run karanna puluwan JVM(Java Vertual Machine) ekata. ethakota api liyapu java programme eka ehemmama thiyeddi, jvm eka witharak update karanawa windows 7,8,8.1,10 walata oone widhihata. eeke waasiya kawada liwwath java programme eka run karanna puluwan.
    Meeta amatharava JVM ekak godak Machine wala adda karala thiyenawalu.....
    Meekai mama danna kathaawa.

     
    ටෙකා සහ Code MX මෙම අදහසට කැමතියි.
  13. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    36
    Likes Received:
    15
    @ටෙකා
    menna me potha open university eken aran kiyawala balanna. paduwak wenne na..... Matath piliwelata balanna bari una.... Eeth sankyaa pada walin patan aragena hello world walin iwara karanne.... agalak withara usai... Sarala engreesiyen thiyenne.

    Digital Computer Fundermentals
    me code eka kiyala illanna. CPU-3141

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  14. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,298
    Likes Received:
    1,957
    kohomada ganne kohetada yanna one gaana kiyada

     
    sandunmadushanka මෙම අදහසට කැමතියි.
  15. sandunmadushanka
    Offline

    sandunmadushanka ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 19, 2014
    අදහස්:
    214
    Likes Received:
    64
    super..........

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  16. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    36
    Likes Received:
    15
    http://www.ou.ac.lk/home/ mekata gihin contact karaganna balanna. thawa visthara hambunoth kiyannam.

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  17. 0xEDD1E
    Offline

    0xEDD1E ප්‍රකට සාමාජික

    Joined:
    Apr 14, 2016
    අදහස්:
    436
    Likes Received:
    697
    bytecode එකක් කියන්නෙ යම් interpreter එකක් හරහා execute කරවන්න ලියපු code එකකට. ඒ කියන්නෙ java වලට අමතරව, python වගේ languages වලත් bytecode එකක් තියෙනවා. හැබැයි අපිට Java වල bytecode එක පේන්න තියෙනවා. ඒ නිසා වෙන්න ඕනෙ ජාවාත් එක්ක ඔය වචනෙ වැඩිපුර පාවිච්චි වෙන්නෙ. හැබැයි python වලත් ඔය වගේ bytecode එකක් හැදෙනවා. ඒක අපිට හුරුපුරුදු directory එකක නෙමෙයි හැදෙන්නෙ. (__pycache__ කියලා folder එකක හැදෙන්නෙ, මේක අපිට java වල bytecode එක වගේ පාවිච්චි කරන්න අමාරුයි)

     
    Shanilka Wariyapperuma සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  18. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    36
    Likes Received:
    15
    Bohoma sthuuthi aiye... me gammenma me paththatath emuda?

     
  19. Ramesh
    Offline

    Ramesh සාමාජික

    Joined:
    Nov 18, 2016
    අදහස්:
    53
    Likes Received:
    12
    saho mama computer programming walata aluth . ea side eken kisima deyak karala ne thama. mama programming mulama idala start karanawanam me course eka hodada? (time :4 month ) help ekak denna saho puluwannam thanks.
    menna course eke vistara mama meka karanna yanne.
    ******************************************
    * declarations, initiaization and scoping
    * flow chart
    * api contents
    * concurrency
    * oo concepts
    *colllections/ generics
    * fundamentals
    (100% java syntax)
    **************************************

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  20. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    36
    Likes Received:
    15
    meeka OOP concepts wenna athi??? Eeka thama mama danna widihata godakma wadagath part eka. Matath loku danumak na. eeth thiyena topics tike hatiyata hoda coverage ekak thiyenawa. Habai maasa 4 nisa practically karawala purudu karaida danne na. OOP thaniyama igena ganna me site eka mama use kale... Mata thaamath bari una iwarakaraganna...

     
    ටෙකා මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page