Skip to content

ජාලකරණ නිර්මිතයන් ( Network Architecture)

(Part 1)

මම මෙම discussion එක කොටස් කිහිපයක් යටතේ ඔයාලට පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙනවා.එහි පලමු උත්සහයයි මේ..

ඉස්සෙලාම අපි දැනගමු මොකද්ද මේ ජාලකරණ නිර්මිතයක් කියන්නේ කියලා...

පරිගණක තනි තනිව සන්නිවේදනය කිරීමේදී ඒවායේ පවතින මෙහෙයුම් පද්දති හා නියමාවලි අනුව සන්නිවේදනය කල හැකි වුවත් ජාලගත කල පසුව එකිනෙක පරිගණක පොදු නියමාවලින් (protocol) යටතේ දත්ත සන්නිවේදනය කල යුතුයි.

මෙම නියමාවලීන් මගින් , සන්නිවේදනය කරන්නේ කුමක්ද ,කෙසේද ,කුමන වේලාවකද යන්න තීරනය කරයි.

- මේ නියමාවලි ක්‍රියාත්මක කිරීම සදහා ස්තර කීපයකට බෙදා දක්වන අතර සන්නිවේදනය සදහා අතුරුමුහුනතක් (interface) නිර්මාණය කර ඇත.

සරලව ගත් කල ජාලකරණ නිර්මිතයක් යනු :- Layers හා Protocol වල එකතුවකි.

ප්‍රධාන ජාලකරණ නිර්මිත වර්ග 02 කි.

i) OSI Model

ii) TCP / IP Model 


OSI Model

ජිනීවාහි අන්තර්ජාතික ප්‍රමිති ආයතනය මගින් විවෘත පද්දති අන්තර් සම්බන්ධතා නිර්මිතය හදුන්වා දෙනු ලැබීය.එක් ජාලගත පරිගණකයක් තවත් ජාලගත පරිගණකයක් අතර සන්නිවේදනය කරන ආකාරය මෙයින් විස්තර කෙරෙන අතර මෙය ස්තර 07 කින් සමන්විත වේ.

ජාලකරණ නිර්මිතය ස්තර වලට බෙදා ඇත්තේ එහි සංකීර්ණ බව අඩු කිරීම සදහාය.ඒ අනුව සෑම Network එකක් සදහාම 

  - Layer name

  - No of Layers

  - Content of Layers

  - Function of Layers

 ඇතුලත් වේ.මේවා එක් එක් ජාල සදහා වෙනස් විය හැක.

OSI model හි ඇතුලත් Layers,

     1) භෞතික ස්ථරය (physical layer)

     2) දත්ත සන්දාන ස්ථරය (data link layer)

     3) ජාල ස්ථරය (network layer)

     4) ප්‍රවාහන ස්ථරය (Transport layer)

     5) සැසි ස්ථරය (Session layer)

     6) සමර්පණ ස්ථරය ( presentation layer)

     7) යෙදුම් ස්ථරය (application layer) 

එකිනෙක Layers අතර අතුරු මුහුණත් පවතින අතර පහල Layer එකකින් ඉහල Layer එකක් වෙත සන්නිවේදනය කරන්නේ මෙමෙ අතුරුමුහුනත් හරහාය.සෑම Layer එකක් අතරම නියමාවලි(protocol) පවතින අතර එකිනෙක පරිගණකවල සමාන මට්ටමේ Layers එකිනෙක සන්නිවේදනය කර ගනී.ඒ අනුව සමාන මට්ටමේ Layers දෙකක් peers ලෙස හදුන්වනු ලැබේ.

ඒ අනුව එකිනෙක Layers තම peer layer එකට සන්නිවේදනය කිරීම protocol data unit (PDU) ලෙස හදුන්වයි.


එකම පරිගණකයක් Layers අතර සන්නිවේදනය වීමේදී එහි අතුරුමුහුනත හරහා පහල ස්ථරය සිට ඉහල ස්ථරයට ගොස් ඉහළ ස්ථරයේ සිට පහල ස්ථරයට දත්ත සන්නිවේදනය කරයි.මෙය තීරනය වන්නේ පරිගණකය පණිවිඩය යවන්නාද ලබන්නාද යන්න මතය.


ඒ අනුව පණිවිඩය යවන පරිගණකයේ ඉහළම ස්ථරයේ සිට පහළම ස්ථරය දක්වා සන්නිවේදනය වන අතර ලබන්නාගේ අන්තයේදී පහල ස්ථරය සිට ඉහළ ස්ථරය දක්වා දත්ත සන්නිවේදනය සිදු වේ.ඒ අනුව පහල Layer එකක සිට ඉහල Layer එකක් දක්වා දත්ත සන්නිවේදනය වීම "සේවා සැපයීම" (Service providing )ලෙස හදුන්වයි.ඒ අනුව පහල Layer එකකින් ඉහළ Layer එකකට සේවා සැපයීම Service data unit (SDU) ලෙස හදුන්වයි.

OSI Model එකේ පවතින Layers වලි සිදුවන කාර්යයන් වල විස්තරයක් ඊලග discussion එකෙන් ඔයාලට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා..

Tagged:

Comments

Sign In or Register to comment.