Skip to content

What is Java

Java serious එක පුලුවන් උපරිම සිංහලෙන් කරන්න try කරන්නම් මොකද Java කියන language එක සිංහලෙන් කියල දෙන්න ටිකක් අමාරු දෙයක්. ඔයාට Java ඉගෙන ගද්දි Java වල technical words ටිකක් තියනව ඒ ටිකට නම් හුරු වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. Java කියන්නේ අමාරු language එකක් නම් නෙවෙයි. ඔයා Java ඉගෙන ගන්න කලින් වෙන මොකක්ම හරි programming language එකක් ඉගෙන ගෙන තියෙනවා නම් ඔයාට මේක ඉගෙන ගන්න එක ගොඩක් ලේසි ඒ වගේම ඔයා මුලින්ම නම් Java ඉගෙන ගන්නේ බය වෙන්න දෙයක් නැහැ මොකද මේව Rock science වත් magic වත් නෙවෙයි.

What is Java

ඔයා දැනටමත් දන්නවා ඇති Java කියන්නේ මොකක්ද කියල. මේක programming language එකක්. මේක අනිත් programming language වලට වඩා පොඩ්ඩක් උඩින් ඉන්න language එකක් කියන්නත් පුළුවන් මොකද Java වල Function තියනව එයාට විතරක් ආවේනික උන දේවල්. ඔයා දැකල ඇති Java icon එක උනු තේ කෝප්පයක් වගේ එකක් තියෙනවා. ඇත්තටම කිව්වොත් එතන තියෙන්නේ උනු දෙයක් තමයි ඒත් ඒක තේ නම් නෙවෙයි ඒක කෝපි එකක්. මම කියන්නම් ඔය කෝපි කෝප්පය එක්ක Java වල තියෙන සම්බන්ධ ය.

මෙහෙමයි Java කියන එක එක්කෙනෙක් හොයාගත්ත නැත්නම් එක්කෙනෙක් හදපු දෙයක් නෙවෙයි. Sun company එකේදී James Gosling විසින් 1991 දි නිර්මාණය කලා කියල තමයි කියන්නේ. මේක නිර්මාණය කලාට මේක එලියට දාන්න නමක් තිබ්බේ නෑ ඉතින් මේකට එක එක නම් යෝජනා වෙලා තිබ්බ ඒත් ඒ එකක්වත් ගැලපෙන් නැහැ කියලා එක එක මතවාද තිබ්බා. ඊට පස්සේ එක දවසක් James gosling එයාගේ යාලුවෝ එක්ක කෝපී පානය කරද්දී වෙනදට වඩා කෝපී එකේ රසය අමුතුයි කියලා කට්ටිය කතා උනා. ඊට පස්සේ James අහනව මේ තරම් රස කෝපි කොහෙන්ද කියල ඒතන ඉන්න කෙනෙක් කියනව මේවා java කියන දූපත් වලින් ගෙනාව කෝපි වගයක් කියල. ඊට පස්සේ James තීරනය කරනව එයා හදපු නැත්තන් නිර්මාණය කරපු Language එකට නම Java කියල තියන්න තීරනය කරනව. ඉතින් ඒකට අනිත් අයත් විරෝධය දක්වන් නැති නිසා 1995 දී Java (1.0) මුල් වතාවට ලෝකයට එලි දක්වනව.


ඇයි Java අනිත් අයට වඩා ඉහලින් ඉන්නේ ඇයි කියලා කියන්නම්. මෙහෙමයි Java වල source code එක ඔයා එක operating system එකක run කරලා නැතත් compile කරල ඒ compile කරපු class file එක ඔයාට ඕනම operating systems එකකදී ආයෙත් compile නොකර run කරන්න හැකියාව තිබෙනවා ඒක තමයි Java language එක අනිත් language වලට වඩා ටිකක් උඩින් ඉන්න එක හේතුවක්. තව දෙයක් තියෙනවා Java කියන language එක බිලියන 3 කට වඩා වැඩි device වල run වෙනව. ඇත්තටම කිව්වොත් මේක මගේ මතයක් විතරයි. Java නැත්නම් අද ලෝකේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා මොකද Java ගෑවිලා නැති තැනක් නැති තරම්. ඔයා android smart phone එකක් use කරනව නම් ඔයා නොදැනුවත් උනාට android කියන්නේ Java වල ටිකක් වැඩි දියුණු කරපු දෙයක් තමයි. Android වලදී java විතරයක් නෙවෙයි xml කියන language එකත් එකතු වෙලා තියෙනවා. තව දෙයක් java virus free වෙනව ඒ කිව්වේ Java වලට virus වලින් attack එකක් නැ කියන එක. Java අපිට නොමිලේ දෙන Language එකක් ඔයාට oracle web site එකෙන් ගන්න පුළුවන්.


Java කොහොමද install කරන්නේ කියල බලමු. ඔයා Java වල තියෙන latest version වලට යන්න එපා මොකද ඔයාට ඒ වගේ දෙයක් එක්ක වැඩ කරගෙන යද්දී හැම වෙලාවෙම වගේ update එනව ඒක කරදරයක්. ඔයා ටිකක් අඩු version එකකට යන්න බලන්න. හරි ඔයාගේ operating system එක Windows 10 නම් පහල තියන link එකේ විදිහට තමයි ඔයා Java install කරගන්න ඕන ඔයාට Java install කරගත්ත ගමන් වැඩ කරන්න බැහැ ඔයා path හදන්න ඕන ඒක ඔය link එකේ විස්තර කරල තියෙනවා.

Linkhttps://www.tipsortricksfou.tk/2019/12/how-to-download-and-install-java.html?m=1

ඔයා Windows 8, 8.1 වගේ භාවිතා කරන කෙනෙක් නම් ඔයාට පහල තියනව වගේ තමයි කරන්න තියෙන්නෙ. ඔයා Java download කරල install කරද්දී පහල වගේ තමයි තියෙන්නේ.

මේ වගේ එකක් බලාගන්න පුලුවන්

Install ඉවර උනාට පස්සේ පහල තියෙන වගේ එකක් බලාගන්න පුළුවන්. ඒකේ close කියන එක දෙන්න.


ඊට පස්සේ පහල තියෙන step ටික fallow කරන්න.

(01)

(02)

(03)

(04)

(05)

රතු පාටින් කොටු කරල තියන තැනට ගිහින් මේක දෙන්න

JAVA_HOME

කලු පාටින් කොටු කරල තියන තැනට ඔයා මුලින්ම යන්න ඔයාගේ local disk C එකට ගිහින් program file වලට යන්න ගිහින් Java කියන folder එකට යන්න ගිහින් JDK කියල folder එකක් තියෙනවා ඒකට යන්න ගිහින් ඔයා path එක copy කරගන්න. ඔය පහල තියෙනව වගේ.

(06)

ඊට පස්සේ ඒක අර කලින් කියපු කලු පාට කොටුව ඇතුලේ paste කරන්න. එතකොට මේ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ Ok දෙන්න ඔක්කොම ටිකට Ok දෙන්න.

(07)

දැන් ඔයා keyboard එකේ Windows key එකත් එක්ක r අකුර press කරන්න එතකොට ඔයාට run එක එනව ඒකේ cmd කියල type කරල enter key එක press කරන්න. 

(08)

හරි ඔයාට දැන් cmd එක open වෙනවා ඊට පස්සේ javac කියන command එක ගහල enter key එක press කරන්න එතකොට පහල තියෙන වගේ  list එකක් ඔයාට බලාගන්න පුළුවන්.

(09)

ඊට පස්සේ ඔයා java කියල type කරල enter key එක press කරන්න එතකොට ඔයාට පහල තියෙනව වගේ list එකක් එයි. 

ඔය ටික ආව කියන්නේ සාර්ථක විදිහට java ඔයාගේ pc එකට install වෙලා කියන එක.

Comments

Sign In or Register to comment.