Skip to content

Introduction to PHP in Sinhala - Lesson 01

PHP කියන්නේ මොකක්ද?

  • PHP කියන්නේ "Hypertext Preprocessor" කියන එකට.
  • ආරම්භයේදී PHP අර්ථ දැක්වුයේ "Personal Home Page Tools" ලෙස.
  • PHP යනු පුළුල් වශයෙන් භාවිතා වෙන open source (විවුර්ත කේත) scripting language එකක්.
  • PHP scripts execute වන්නේ server එකක් තුල පමණයි.
  • PHP නොමිලේ download කරගැනීමට සහ භාවිතා කිරීමට පුළුවන්.


PHP File එකක් කියන්නේ මොකක්ද?

  • PHP files එකක text, HTML, CSS, JavaScript, සහ PHP code ඇතුලත් කල හැකියි.
  • PHP code එක server එක තුල execute වෙලා result එක අපේ web browser එක තුල HTML පිටුවක් ආකාරයට පෙන්නනවා.
  • PHP file එකේ extension එක තමයි ".php"


PHP වලින් මොනවද කරන්න පුළුවන්?

  • PHP වලට පුළුවන් generate කරන්න dynamic page content. (ඒ කියන්නේ මේ kuppiya.lk වගේ ඔයාල කරන දේවල් අනුව පේජ් එක වෙනස් වෙනවා. ඔයා profile picture එකක් upload කලොත් ඒක ඒ අවස්ථාවෙම පෙන්නනවා. code edit කර කර photos දාන්න ඕනේ නැහැ.)
  • PHP වලට පුළුවන් server එක තුල files create කරන්න, files open කරන්න, read කරන්න, write කරන්න, delete කරන්න, සහ close කරන්න.
  • PHP වලට පුළුවන් form එකක data එකතු කරගන්න. (ඔයාල kuppiya.lk එකේ register වෙනකොට type කරපු data එකතු කරලා database එකට යවනව වගේ.)
  • PHP මගින් cookies සෙන්ඩ් කරන්න සහ receive කරන්න පුළුවන්.
  • PHP මගින් පුළුවන් database එකකට data add කරන්න, delete කරන්න හා modify කරන්න.
  • PHP යොදාගෙන පුළුවන් data encrypt (ඛේතනය) කරන්න.


Next Lesson එකෙන් කියල දෙන්නම් PHP code එකක් run කරගැනීම සදහා පරිගණකය සකසාගතයුතු ආකාරය.

Tagged:

Comments

Sign In or Register to comment.