Skip to content

Introduction to C Programming Language in Sinhala - Lesson 01

What is C?


1. C කියන්නේ බොහොම ජනප්‍රිය, නම්‍යශීලි, සාමාන්‍යයෙන් භාවිතයට ගන්නා programming language එකක්.
2. එය develop කලේ 1972 දී Dennis Ritchie විසින්.
3. C යනු බොහොමයක් applications තැනීම සදහා භාවිතා කරන ලද, එක් පද්ධතියක ගතිලක්ෂණ වලට පමණක් සිමා නොවූ (machine-independent) සහ විධාන ව්‍යුහාත්මක පෙලගස්විය හැකි (structured) programming language එකක්.
4. එය Operating Systems (Ex: Windows) වල සිට Oracle database, Git, Python interpreter වැනි සංකීර්ණ මුදෘකාංග ලිවීමට භාවිතා කරන ලද basics language එකක්.
5. C යනු දැනට භාවිතා වන බොහෝ programming languages වල හරය සහ අඩිතාලමයි.
6. එය low-level programming language එකක්. එහි බොහෝ විදාන machine language එකට සමානයි.
7. C is robust (Robust simply means STRONG.) because It uses strong memory management.


Applications of C


1. 'C' language එක embedded systems සදහා පුළුල් ව භාවිතා කරනු ලබනවා. Embedded system එකක් කියන්නේ වෙනම විශේෂ කාර්යයකට හෝ කාර්යයන් කිහිපයකට නිපදවන ලද computer system එකක්. (Ex: Calculator, Digital Camera, Game Console)
2. System applications නිශ්පාදනයට C යොදාගනු ලබනවා.
3. Desktop applications නිපදවීමට පුළුල් වශයෙන් භාවිතා කරනු ලබනවා. (ex: Adobe Photoshop)
4. Databases Develop කිරීම සදහා භාවිතා කරනු ලබනවා. (MySQL යනු C යොදාගෙන develop කරන ලද database software එකක්.)
5. මෙහෙයුම් පද්ධති නිර්මාණයට භාවිතා කරනවා. (Apple's OS X, Microsoft's Windows)
6. ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති නිර්මාණයටද භාවිතා කරනු ලබනවා. (ex: Symbian)
7. පුළුල් වශයෙන් IoT (Internet of things) applications නිපදවීමට යොදාගනු ලබනවා.


How 'C' Works?


C is a compiled language.
Compiler යනු විශේෂ මෙවලමක්, එමගින් අප විසින් ලියන ලද Program එක පරිවර්තනය කරනු ලබනවා පරිගණකයට කියවියහැකි භාෂාවක් ලෙස (machine-readable object file).
Compilation process එකෙන් අනතුරුව අපට ලැබෙනවා program එක run වීමට අවශ්‍ය සියලුම object files තනි file එකක් ලෙස සකස් වෙලා Executable file එකක්.
C is a compiled language

පහලින් තියෙන්නේ popular compilers කිහිපයක්. මෙතනින් කැමති එකක් යුස් කරන්න පුළුවන්. හැම එකකම features බොහෝ දුරට same, වෙනස සමහර compilers වල C සහ C++ Programs දෙකම execute කරන්න පුළුවන්.

  • Clang compiler
  • MinGW compiler (Minimalist GNU for Windows)
  • Portable 'C' compiler
  • Turbo C


For Extra Knowledge ;)


Why C is called machine-independent language?
A machine-dependent language works only on a specific computer system and its components. C language is a machine-independent language because no matter which machine one writes in, it can be run on any other machine. https://quora.com/How-is-the-C-language-machine-independent

What are embedded systems examples?
Some examples of embedded systems are MP3 players, mobile phones, video game consoles, digital cameras, DVD players, and GPS. Household appliances, such as microwave ovens, washing machines and dishwashers, include embedded systems to provide flexibility and efficiency. https://en.wikipedia.org/wiki/Embedded_system

Internet of things
The Internet of things (IoT) is a system of interrelated computing devices, mechanical and digital machines provided with unique identifiers (UIDs) and the ability to transfer data over a network without requiring human-to-human or human-to-computer interaction. https://en.wikipedia.org/wiki/Internet_of_things

Tagged:

Comments

  • C හෝ C++ වලින් හොඳ Base එකක් තියන කෙනෙක්ට C# සහ Java ඉගෙනගන්න ඉතාමත් පහසුයි. ඒ නිසා මේ පාඩම් පෙළ ගෙැඩක් වැදගත්.

  • @Kelum_Priyankara බොහොම ස්තුතියි. දිගටම මේ සීරියස් එක කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.

Sign In or Register to comment.