Skip to content

DPI (Data Packet Inspection) තුලින් අන්තර්ජාලයට සිදුවන බලපෑම

ඇත්තටම මන් අද කතා කරන්න යන්නේ Data packet inspection ගැන.ඔයාල හිතනවා ඇති ඇයි මන් ඒක මේ General Discussion එකක් යටතේ කරන්නේ ඇයි කියලා.

ඇත්තටම හේතුව මේකයි,

කොරෝනා වයිරස තත්ත්වය යටතේ අන්තර්ජාල සේවාව ප්‍රමිතියකින් යුතුව මහජනයා වෙත ලබාදීමට කටයුතු කරන්න කියලා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය (ITSSL) විසින් statement එකක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා.

මන් ඒ statement එක ඔයාලට පෙන්නන්නම්.


මේකෙන් එයාල කියල තියෙන්නේ,

මේ වෙද්දි අපිට Internet දෙන අය internet service provides ලා මේ DPI පාවිච්චි කරන නිසා internet slow වෙනව කියලා. 

ඉතින් මන් ඔයාලට සරලව කියලා දෙන්න හිතුවා කොහොමද මෙහෙම වෙන්නේ කියලා...මොකද ඉස්සරහට ඕනි වෙයිනේ අපි හැමෝටම 🙈🙈🙈


DPI (Data Packet Inspection) යනු  පරිගණක ජාලයක් හරහා යවන දත්ත විස්තරාත්මකව පරීක්ෂා කරන දත්ත සැකසුම් වර්ගයක් වේ.

ඇත්තටම DPI පාවිච්චි කරන්නේ අන්තර්ජාල පහසුකම අවහිර කිරීමට එහෙම අවහිර කලාම තමා අපි VPN පාවිච්චි කරලා internet ගියේ.. සිරි මාමි ඉද්දි මතකනේ අපි හැමෝම එහෙම කලා..😁😁😁

ඇත්තටම මන් ඒ ගැන නෙවෙයි කියන්නේ මන් කියන්නේ ISP ලා මොකද DPI පාවිච්චි කරන්නේ කියලා. ISP කියන්නේ අපිට අන්තර්ජාල සේවාව සපයන ආයතන.

උදාහරණයක් විදියට diolog, mobitel, slt එහෙම. 


ඉතින් මේ අය DPI පාවිච්චි කරන්නේ එයාලගේ අභ්‍යන්තර ජාල සුරක්ෂිත කරගැනීමට තමයි මූලික වශයෙන්ම.

එවගේම එයාලට පුළුවන් අපි අන්තර්ජාලය මොන වගේ දේවල් වලටද use කරන්නේ සහ මොන මොන සේවාවන්ද අපි භාවිතා කරන්නේ කියල දැනගන්නත්.

මේ DPI පාවිච්චි කරද්දී අපේ පෞද්ගලිකත්වයට හානි වෙන්නත් පුලුවන්. ඒ කියන්නෙ එයාලට පුලුවන් අපි යවන personal data inspect කරල බලන්න.

අන්තර්ජාලය හරහා හුවමාරු වෙන දත්ත DPI ක්‍රමය යටතේ inspect වෙන නිසා තමයි අපිට ලබාදෙන Internet connection එක slow වෙන්න පුලුවන්.


මන් සරලව තමා මේක පැහැදිලි කලේ.

information and communication topic එක යටතේ දිගු පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.මේ ගැන හොදටම දැනගන්න් ඕනි නම් ඒ Article එක බලන්න.මන් මේක දැම්මේ සාමාන්‍ය දැනීමට ඔයාලා දැනගන්න එක හොදයි කියලා හිතුන නිසා.

Comments

Sign In or Register to comment.