Skip to content

Welcome to the Kuppiya.LK Educational Website

edited January 2023 in General Discussions

ආයුබෝවන්! සියලුදෙනාවම සාදරයෙන් පිලිගනවා Kuppiya.LK අධ්‍යාපනික වෙබ් අඩවිය වෙත.


ලොවටම තර්ජනයක් වූ කොරෝනා වයිරසය නිසා අපේ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් අඩපන වෙලා. විශ්ව විද්‍යාල සිසුනුත් මේ වෙලාවෙ ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඉස්සරහට ගොඩක් exams, assignments තියෙනව. මේවට පාඩම් කරන්න නෝට්ස් නැහැ ටියුටෝරියල්ස් නැහැ. ඒ වගේම අතරමග නැවතිච්ච projects තියෙනව. මේ හැමදේකටම උදව් ගන්න LMS එක හරහා ඔයාලට අමාරුයිනෙ. මෙන්න මේ නිසා විශ්ව විද්‍යාල සිසුන් විසින් විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන්ම සකස් කලා වෙබ් අඩවියක්.. 

මේ වෙබ් අඩවිය මගින් ඔයාලට පාඩම්, අධ්‍යයන, ව්‍යාපෘති, විශ්ව විද්‍යාල, කර්මාන්ත හෝ අද්‍යාපනයට සම්බන්ද ඕනෙම ගැටලුවක් මෙම අධ්‍යාපන වෙබ් අඩවියේ දැනටමත් ලියාපදිංචි වී ඇති විශ්ව විද්‍යාල සිසුන්, ඔබේම මිතුරන් සමඟ සාකච්ඡා කිරීමෙන් විසදාගැනීමට මෙම අධ්‍යාපන වෙබ් අඩවිය නොමිලේ අවස්ථාව සලසාදීල තියෙනවා.

මේ සදහා ඔබට මෙහි ලියාපදිංචි වියයුතු අතර මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති අනෙක් විශ්ව විද්‍යාල සිසුන් පළ කර ඇති ප්‍රශ්නවලට පිළිතුරු ඔබ දන්නේ නම්, ඔබට ඒවා සඳහා පිළිතුරු ලබා දිය හැකිය. 

ඒ වගේම මේ දවස් වල ගෙවල් වල ඉන්න ඔයාගෙම යාලුවො වෙනුවෙන් ඔයා දන්න දෙයක් කියල දෙන්න කැමතිනම් (කුප්පියක් දාන්න කැමතිනම්) ඔයාට පුලුවන් මේ වෙබ අඩවියේ ඇති start new discussion බට්න් එක හරහා මොනවහරි දෙයක් අනිත් අයට කියල දෙන්න.

ඔයා දාන කුප්පි වලටයි යාලුවන්ගෙ ප්‍රශ්න වලට දාන නිවැරදි පිලිතුරු වලටයි හම්බවෙන likes වලට අනුව levels සහ badges automatically මේ වෙබ් අඩවියෙන් ඔයාලට හම්බවෙනවා.

අපි මේක හැම සිසුවෙක් අතරටම ගෙනියමු.. අපි එකතුවෙලා community එකක් හදමු.. ඒක ශක්තිමත් කරමු..


Hello everyone! you all are warmly welcomed to the Kuppiya.LK Educational Website!

Kuppiya.LK is an educational website that helps you to solve different educational problems related to lessons, studies, projects, and research at university, school, industry, or society. Unless sharing your ideas about something related, innovative, motivational, or useful by discussing with University Students, University lecturers, Professors, Industrial Experts, and also with your classmates or batch-mates who had already registered on Kuppiya.LK educational website.

In this case, you can signup here and post education-related questions for others who had already become members, and if they know the answer to what you posted they will give you the answer. And if you know the answers to the questions that they have posted, you can give the answers to them. Some profile badges will be presented for you like the way you post questions, the way you comment on others' questions, your behaviors, etc.

Feel free to become a member of Kuppiya.LK Educational Website and win the world through education. Good luck!


Best regards,

Founder

Kuppiya.LK Educational Website

Comments

Sign In or Register to comment.