Skip to content

AL කරලා, කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් කරනවද? බිස්නස් එකක් පටන්ගන්නවද?

ඉස්කෝලෙ ගිහින් ඉවර උනාම හරි එහෙම නැත්නම් කැම්පස් එකෙන් අවුට් උනාම ගොඩක් අය හිර වෙන තැනක් තමයි ඊලගට ජොබ් එකකට යනවද නැත්නම් තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්නවද කියන එක. ජොබ් එකකට ගියාම හිත නිදහස්. අඩු පොලියට අර ලෝන් මේ ලෝන් ප්‍රමෝශන්, ලොකු ලොකු ඔෆිස් වල වැඩ කරන්න, ඇති තරම් නිවාඩු, වගේ ලස්සන දේවල් ගොඩයි. බිස්නස් එකක් පටන් ගන්නවා කිව්වම ණය අරගෙන ගෙවන්න, industry එකේ අනිත් අයත් එක්ක තරග කරන්න, එන ප්‍රශ්න වලට මූන දෙන්න, ලාභ නැතුව අවුරුදු ගනන් කැප කරන්න වගේ භයානක දේවල් ගොඩයි. හරියට horror movie එකක් වගේ.

හැබැයි ඔය පටන් ගන්න තැන විතරයි. ටික කාලෙකින් ඔය දෙකේ දෙපැත්ත මාරු වෙනවා. ජොබ් වල ඉන්න අය ණය අරන් ඒවා ගෙවන්න, ජොබ් එක නිසා තමන් කැමති දේවල් අතඇරලා ඒකටම කැපවෙන්න, ජීවිත කාලෙම අනුන් යටතේ ඉලක්කම් පහක පඩියකට වැඩ කරන්න වෙනවා. කට්ට කාගෙන බිස්නස් එකක් කරන කෙනා ටික කාලෙකින් තමගේම දෙයක් හදාගෙන තමන් කැමති දේවල් වලට වෙලාව හදාගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තැනට එනවා. ඔය දෙකෙන් මොන පැත්තට ගියත් එක පැත්තක ඉදලා අනිත් පැත්තට මාරු වෙන්න පුළුවන් කම

තියෙන්නේ ටික කාලයයි. එතනින් එහාට තමන් තෝර ගත්ත දේ ඇතුලේ හිර වෙනවා. කලාතුරකින් කෙනෙක් තමයි ලොකු risk එකක් අරගෙන තමන් ගිය පාර මාරු කරන්නේ.

ජොබ් වල ඉන්න ගොඩක් අයට ඒ ජොබ් එකට පාවිච්චි වෙන්නේ නැති හැබැයි වෙලදපලේ ලොකු වටිනාකමක් තියෙන skills සහ talents තියෙනවා. කිසි දවසක ඒවා එලියට ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. එයාලගේ හීන එක්කම ඒ දක්ශතා ඔක්කොමත් මැරිලා යනවා.

ඒක නිසා පරිස්සමට තමන් කැමති මොනාටද කරන්නේ මොකද්ද කියන එක තෝරගන්න. ගොඩක් අය රැවටෙන තැන තමයි ජොබ් එකකදි මුලින්ම ලැබෙන salary එකයි ජොබ් security එකයි එක්ක බිස්නස් එකක මුල් කාලෙ තියෙන කට්ටයි, risk එකයි compare කරන්න යන එක.

ඒක නිසා අකුරු හයකින් වැහුන ඉලක්කම් පහකට තමන්ගේ හීන ඔක්කොම විකුනලා දානවද කියන එක හොදට කල්පනා කරලා තීරණය කරන්න.

Lasantha Wickramasinghe


alkuppiya

Comments

Sign In or Register to comment.