Skip to content

Timber Seasoning (දැව පදම් කිරීම)

කොහොමද ඉතින් ගොඩක් දවසකින්.ඇත්තටම article එකක් දැම්මේ නැත්තේ කම්මැලිකමට මිසක් busy හින්දා නෙවෙයි. Heeee කොහොමහරි වැඩි ඉල්ලීම මත අද article එකක් දාන්න ඕනි කියලා හිතුනා..🙈🙈🙈

ඉතින් networking ගැනම දැනගෙන හරියන්නේ නෑනේ ටිකක් වෙනස් විදියේ දේවල් ගැනත් දැනගන්න ඕනි නිසා මන් අද construction & material subject එකේ තියෙන timber seasoning කියන topic එක ගැන කතා කරන්න හිතුවා.

ඉතින් එහෙනම් අපි බලමු timber seasoning කියන්නේ මොකද්ද කියලා..😋😋😋


දැව ආරක්ෂණ ක්‍රමවේදයන් අතරින් timber seasoning කියන්නේ ඉතාම හොද දැව ආරක්ෂණ ක්‍රමවේදයක්.

Timber seasoning වලදි සිදුවන්නේ දැවවල තෙතමනය අවශ්‍ය මට්ටමට අඩුකිරීමේ ක්‍රියාවලියයි.තෙතමනය අඩු කිරීමෙන් ශක්තිය,නම්‍යතාව සහ කල්පැවැත්ම යන ගුනාංග වර්ධනය වේ.හොදින් පදම් වූ දැවයක තෙතමනය 15% ක් ඇත.


Timber seasoning (දැව පදම් කිරීම) ප්‍රධාන ක්‍රම 2 තියෙනවා.

        1.ස්වාභාවික පදම් කිරීම

        2.කෘතීම පදම් කිරීම


ස්වාභාවික පදම් කිරීමේ ක්‍රම කිහිපයක් තියෙනවා,

        1.ස්වාභාවික පදම් කිරීම

        2.කෘතීම පදම් කිරීම


කෘතීම පදම් කිරීම යටතේ,

 1.seasoning by boiling 

 2.chemical seasoning

 3.Kiln seasoning 

 4.Electrical seasoning 


Air seasoning and water seasoning කියන්නේ ස්වාභාවික පදම් කිරීමේ ක්‍රමයන්. 

Water seasoning

දැව ජලයේ ගිලී ඇති විට සිදුවන ක්‍රියාවලිය වන අතර එමගින් දැව වල ඇති සාරයන් ඉවත් වී ජලය දැවය තුලට ක්‍රමක් ක්‍රමයෙන් අවශෝශනය වීම සිදු වේ.එයට සති 2 සිට 4 දක්වා කාලයක් ගත වේ.ඉන්පසු දැව හොදින් වියලා ගනු ලැබේ.ඉන්පසුව වියලා ගත් දැවය පාවිච්චි කිරීමට සුදුසු තත්ත්වයට පත් වේ.


Air seasoning

මෙහිදී දැව කොටන් Layers ආකාරයෙන් මඩුවක තැන්පත් කරනු ලබයි.පොලොවේ සිට යම් පරතරයක් ඇතිව මේ කොටන් තැන්පත් කිරීම සිදු කරයි.ලී කොටන් තැන්පත් කරනු ලබන්නේ වාතය නිදහසේ තැන්පත් වන ආකාරයට ය.වාතයේ චලනය මගින් දැව වල ඇති තෙතමනය අඩු වන අතර පදම් වීම සිදු වේ.

තරමක් මන්දගාමී ක්‍රියාවලියක් වුවද දැවය හොදින් පදම් වීම සිදු වේ.



අපි දැන් බලමු කෘතීම පදම් කිරීම් සිදු වන්නේ කොහොමද කියලා.


ස්වාභාවික පදම් කිරීම් හොද ප්‍රතිඵල ලබා දෙන නමුත් වැඩි කාලයක් ගත වේ.එබැවින් දැව කෘතීමව පදම් කිරීම වර්තාමනයේ බහුලවම සිදුකරයි.

මෙමගින් දින 4 - 5 කින් දැව පදම් කිරීම කරනු ලැබේ.


තැම්බීම් මගින් දැව පදම් කිරීම(seasoning by boiling )

පැය 3 සිට 4 දක්වා ජලයේ තම්බා ගැනීමෙන් දැව පදම් කිරීම සිදු කෙරේ.ඉන්පසු දැවය වියලා ගනු ලැබේ. විශාල දැව තැම්බිම අපහසු බැවින් උනුසුම් වාශ්ප පෝරනුවකට(klin) ඇතුල් කර දැව කොටන් හරහා යැවිම සිදුකරනු ලැබේ.මෙමගින් දැව වල ශක්තිය ප්‍රත්‍යස්ථතාවය වර්ධනය කරන නමුත් ආර්ථික වශයෙන් එය අධික පිරිවැයක් දැරීමට සිදු වේ.



රසායනික පදම් කිරීම ( chemical seasoning )

මෙහිදී දැවය සුවිශේෂ වූ ලුනු ද්‍රාවණයක ගබඩා කර තැබීම සිදු කරයි.මෙමගින් දැවයේ පවතින ජලය අවශෝශනය කිරීම සිදු වීම තුලින් දැවයේ තෙතමනය ඉවත් වී දැවය ශක්තිමත් වේ.



පෝරනුවක් තුල පදම් කිරීම ( kiln seasoning)

මෙම ක්‍රමයේදී, දැවය උනුසුම් වාතයට නිරාවරණය කිරීම සිදු කෙරේ.උනුසුම් වාතය දැව කොටන් අතර සංසරණය වීම මගින් තෙතමනය අඩු කරයි.කුටීරය තුල උශ්ණත්වය heating coils වල අදාරයෙන් වැඩි කරනු ලබයි.අවශ්‍ය උශ්ණත්වය ලබාගත් විට තෙතමනය හා සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු වී දැව පදම් වේ.මිල අදික ක්‍රියාවලියක් වුවද ඉතා හොද ප්‍රතිඵල ලබා දේ.



විදුලිය මගින් පදම් කිරීම (electrical seasoning)

මෙහිදි දැව ප්‍රත්‍යාවර්ත ධාරා වලට නිරාවරණය කිරීම සිදු කරයි.දැව කොතරම් විදුලියට ප්‍රතිරෝදීද යන්න ගණනය කිරීම සැම විටම සිදු කරයි.අවශ්‍ය ප්‍රතිරෝධය ලැබූ විට පදම් කිරීම නවත්වයි.(තෙතමනය අඩු වීමෙන් දැව ප්‍රතිරෝධය වැඩි වේ) වේගවත් ව පදම් කිරීම සිදු වේ.



Timber seasoning ගැන එහෙනම් ඔයාලා දැන් දන්නවා ප්‍රශ්න තියෙනවා නම් තව මේ ගැන දැනගන්න කැමතිනම් comment section එකේ සදහන් කරන්න.

ඒ වගේම material and construction subject එක යටතේ ඔයාලට දැනගන්න ඔනි දේවල් තියෙනවා නම් ඒවාත්

සදහන් කරන්න මන් දන්නවානම් ඒ ගැන article එකක් දාන්නම්.

එහෙනම් ඊ ලග article එකෙන් හමුවෙමු පරිස්සමින් ඉන්න..😍❤😘

Comments

  • Hi,

    For about three months ago I cut down six huge Nadun trees. I want to get to know is that Nadun wood suitable for like seasoning? Because as they said from the wood mill, it's better to do like that. Thank you.


    Nipuna Akalana Perera (MSc.IT, BSc.SE, OCPJP)

    Co-Founder & Software Engineer (Ifonix Innovations (Pvt) Ltd)

Sign In or Register to comment.