Skip to content

ජාලකරණ නිර්මිතයන් ( Network Architecture) Protocols

මන් network architecture වල මූලික්වම දැනගන්න ඕනි දේවල් ඔයාලාට ගොඩක් කියලා ඉවරයි.අද කතා කරන්න යන්නේ protocols ගැන. කලින් article වල protocol ගැන කිව්වට පැහැදිලි කලේ නෑනේ දැන් ඔයාලට protocols ගැන පැහැදිලි කරාම network architecture වල තියෙන doubts අඩු වෙයි කියලා හිතනවා. 


එහෙනම් අපි බලමු මොකද්ද මේ protocol කියන්නේ කියලා....


Protocol යනු සකසා ගත් සම්මුතියකි.එමගින් විසිරී පවතින පරිගණක මගින් එකිනෙක අතර පොදු සම්මුතියකට යටත්ව දත්ත හුවමාරු කර ගනී.ඒ නිසා බාදාවකින් තොරව පරිගණක මගින් සන්නිවේදනය කල හැක.


කලින් part එකේ සදහන් කල OSI Model තුල විවිධ layers සදහා ක්‍රියා කරන Protocol වෙන වෙනම ඇත.ඒ නිසා සංකීර්ණ බාවය අඩු අතර එක් එක් Layer අතර ගැටුම් අඩු කරයි.network තුල දත්ත හැසිරවීමේදී පහල Layer හී සේවාවන් ඉහල Layer මගින් බාවිතා කර ඊලග Layer එකේදී ඒ සේවාවන් වැඩි දියුනු කරයි.

Port යනු එම protocol මගින් සේවය සපයන Chanel එකයි.එම protocol එයාලටම වෙන්කරන ලද port no එකක් භාවිතා කර බාදාවකින් තොරව සන්නිවේදනය සිදු කරයි. 

උදා:- HTTP protocol තම සේවාව port 80 මගින් ලබා දේ.නමුත් ඒ සමගම FTP port 23 මගින්ද File transmit කිරීමටද අවස්ථාව ලබා දේ.මෙම protocol 2 ම එකවර ක්‍රියා කරන විට අදාල packet කුමන සේවාව සදහා පැමිණෙන බව හදුනා ගැනීමට port no අවශ්‍ය වේ.


Port no 0 සිට 65535 තෙක් ලබා දේ.සම්මත protocols මගින් ස්තිරවම port no ලබා ගනී.මේවා well known port ලෙස හදුන්වයි.එය 0 - 1023 තෙක් වන අතර සම්මත නොවන වැඩසටහන් මගින් දත්ත යැවීමේදි 1024 ට වැඩි port no ලබා ගනී.


ප්‍රදාන protocols වශයෙන්, 

  • NetBIOS/NetBEUI
  • Apple talk
  • TCP/IP


හදුන්වා දිය හැක.මින් වැඩිපුරම දැන් භාවිතා කරන්නේ internet හා සම්බන්ධ ක්‍රියා දාමයන් බැවින් දැන් network protocol වශයෙන් TCP/IP වැඩි වශයෙන් භාවිතා කරයි.

වැඩිදුර අද්‍යනය පිනිස:- https://www.w3schools.in/types-of-network-protocols-and-their-uses/

මන් හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා.

පුලුවන් තරම් සරලව මන් පැහැදිලි කලා මේ ගැන තව මොනවහරි දැනගන්න ඕනි නම් comment section එකෙන් ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න.මන් පිලිතුරු ලබා දෙන්නම්.

ඒ වගේම ඔයාලට තව networking architecture ගැන දැනගන්න තියෙනවානම් ඒවත් අහන්න මන් පිලිතුරු දෙන්නම්.

ඊලග article එකෙන් network address ගැන කතා කරමු.

Tagged:
Sign In or Register to comment.