Skip to content

Artificial Intelligence සිංහලෙන් - part 02 (අපි කෘතීම බුද්ධිය භාවිතා කල යුත්තේ ඇයි?)

Artificial Intelligence භාවිතා කල යුත්තේ ඇයි?


  • කෘතීම බුද්ධිය භාවිතා කරලා softwares හෝ devices නිපදවල අපට පුළුවන් health issues, marketing, road traffic issues වගේ real-world problems විසදාගන්න.
  • Artificial Intelligence භාවිතා කරලා පිට පුළුවන් අපේම කියල Cortana, Google Assistant, Siri වගේ personal virtual Assistant කෙනෙක්ව සදා ගන්න.
  • AI භාවිතා කරලා අපිට පුළුවන් හදිසි ගිනි ගැනීම් ස්වභාවික ආපදා වගේ අවස්ථාවන් වලදී ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වී මිනිසුන්ව මුදවා ගැනීමට රොබෝ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමට.
  • AI තාක්ෂනය භාවිතා කිරීම තුලින් නව තාක්ෂනයන් සොයාගනිමින් new devices නිර්මාණය කිරීමට සහ නව නිර්මාණ බිහිකිරීමට අවස්ථාව ලැබෙනවා.


Artificial Intelligence භාවිතා කිරීමේ ප්‍රධාන පරමාර්ථ



1. මිනිස් බුද්ධිය සහ හැකියාවන් අනුකරණය කිරිම

2. මිනිසාට වඩා ඉක්මනින් තීරණ ගැනීමට හා ක්‍රියාත්මක විමට හැකි වීම.

3.යමක් අවබෝද කරගැනීමට සහ එයට අනුව ක්‍රියා කිරීමට හැකි වීම.

4. මිනිස් බුද්ධිය මගින් සිදු කරන කාර්යයන් සිදු කළ හැකි යන්ත්‍රයක් වීම.

උදාහරණ කිහිපයක්:

  • ප්‍රමේයයන් ඔප්පු කිරීම
  • Chess වැනි ක්‍රීඩාවන් සිදු කිරීම.
  • රෝගින් පරික්ෂා කිරීම, ප්‍රතිකාර නිර්දේශ කිරීම හා ශල්‍යකර්ම සිදු කිරීම.
  • මාර්ග තදබද අතර වාහනය හැසිරවීම.

5. බුද්ධිමත් ව හැසිරීමට හැකි යන්ත්‍රයක් නිපදවීම සහ යන්ත්‍රය විසින්ම ඉගෙන ගැනීමට හැකි වීම (learn new things by itself) හා එයට පරිශීලකයා වෙත උපදෙස් ලබාදීම, විස්තර කිරීම අනුරුපනය කර පෙන්වීමට හැකි වීම.


කෘතිම බුද්ධියට අදාළ විෂයන් මොනවාද?



කෘතිම බුද්ධිය යනු පරිගණක විද්‍යාවේ කොටසක්ම පමණක් නොවේ. එක පුළුල් විෂය පථයක් වන අතර එයට දායක විය හැකි වෙනත් සාධක රාශියක් අවශ්‍ය වේ. Artificial Intelligence systems නිර්මාණය කිරීමට පළමුව බුද්ධිය නිර්මාණය වී ඇති ආකාරය අප දැනගත යුතුය. එනම් බුද්ධිය යනු අපගේ මොළයේ අදෘශ්ය‍ය කොටසකි, එය තර්කනය, ඉගෙනීම, ගැටළු විසඳීමේ සංජානනය, භාෂා අවබෝධය යනාදියෙහි එකතුවකි.

කෘතිම බුද්ධිය භාවිතයෙන් ඉහත සාධක සාක්ෂාත් කර ගැනීම සඳහා පහත සදහන් විෂය පරාසයන් පිලිබදව යම් ආකාරයක දැනුමක් තිබිම අත්‍යවශ්‍යයි.

  • Mathematics
  • Biology
  • Psychology
  • Sociology
  • Computer Science
  • Neurons Study
  • Statistics


Artificial Intelligence Sinhala, AI Sinhala

Sign In or Register to comment.