Skip to content

Artificial Intelligence සිංහලෙන් - part 01 ( කෘතීම බුද්ධිය යනු කුමක්ද?)

අද ලෝකයේ, තාක්‍ෂණය ඉතා වේගයෙන් වර්ධනය වන අතර, අපි දිනෙන් දින විවිධ නව තාක්ෂණයන් සමඟ සම්බන්ධ වෙනවා. පරිගණක විද්‍යාවේ නැගී එන තාක්ෂණයන්ගෙන් එකක් වන්නේ කෘතිම බුද්ධියයි. එමගින් බුද්ධිමත් යන්ත්‍ර නිපදවීමෙන් ලෝකය තුල නව විප්ලවයක් ඇති කිරීමට හැකිය. එසේම මේ වන විට කෘතිම බුද්ධි වැඩසටහන් අපට බෙහෙවින් සමීප වී ඇත. ඒවා සාමාන්‍ය භාවිතයට මෙන්ම විශේෂ කාර්යන් කරගැනීම පහසු කරගැනීම සදහා නිර්මාණය කර ඇත. උදාහරණ ලෙස self-driving cars, playing chess, proving theorems, playing music, painting වැනි දේ හදුන්වාදිය හැක.


කෘතීම බුද්ධිය (Artificial Intelligence) යනු පුළුල් විෂය පථයක් පුරා පැතිරී ඇති පරිගණක විද්‍යාවේ සිත් ඇදගන්නාසුළු ක්ෂේත්‍රයකි. එනම් යන්ත්‍රයක් මිනිසෙකු ලෙස සිතමින් ක්‍රියා කිරීමට හැකියාවක් AI සතුය.

Artificial Intelligence යන්න සැදී ඇත්තේ Artificial සහ Intelligence යන වචන දෙක එකතු වීමෙන්.

එනම්, Artificial යනු "man-made" සහ intelligence යනු "thinking power" යන්නයි. එහි සරල තේරුම "a man-made thinking power" යන්නයි.

එය අපට මෙසේ අර්ථ දැක්විය හැකියි.

Artificial Intelligence යනු පරිගණක විද්‍යාවේ අංශයක් වන අතර එමඟින් මිනිසුන් මෙන් සිතීමට, තීරණ ගැනීමට හා මිනිසෙකු ලෙස හැසිරීමට හැකියාව ඇති බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කළ හැකිය.

කෘතිම බුද්ධිය සහිත යන්ත්‍රයක ඉගෙනීම, තර්ක කිරීම හෝ ගැටලු විසඳීම වැනි මානව පාදක කුසලතා තිබිය යුතුය.

කෘතිම බුද්ධිය භාවිතයෙන් ඔබට යම් කාර්යක් කිරීමට යන්ත්‍රයක් පූර්ව වැඩසටහන්ගත (pre-program) කිරීම අවශ්‍ය නොවේ. ඔබට ක්‍රමලේඛිත ඇල්ගොරිතම (programmed algorithms) සහිත යන්ත්‍රයක් නිර්මාණය කළ හැකි අතර එයට යම් කාර්යක් තමන්ගේම බුද්ධිය තුලින් සිදු කිරීමට හැකි විය යුතුය.


Artificial Intelligence Sinhala, AI Sinhala,

Sign In or Register to comment.