Skip to content

Introduction of Logic Gates and It's Functions (තාර්කික ද්වාර)

පරිගණක ඇතුලු Digital උපකරණ වල දත්ත සහ විදාන නියෝජනය කරන්නේ 1 සහ 0 යන එකිනෙකට වෙනස්වු අවස්ථාවන් දෙකකි. මෙම අවස්ථාවන් දෙක තවත් සරලව අර්ථ දැක්වුවහොත් 1 on ලෙසත් 0 off ලෙසත් සැලකිය හැකිය.

මෙම අගයන් දෙක මගින් පරිගණකයේ input output ක්‍රියාවලිය පාලනය කිරීමට යොදාගන්නා පරපථ නිපදවීමට මුලික වශයෙන් යොදාගනුයේ තාර්කික ද්වාරයන්ය(logic gates) මෙම තාර්කික ද්වාරයන් මූලික වශයෙන් ආකාර තුනකි එනම් And Or Not වශයෙන්ය. මෙම මූලික ආකාර තුනෙහි ව්‍යුත්පන්නයන් ලෙස නිපදවු Nand Nor Xor සහ Xnor යන තාර්කික ද්වාරයන්යද භාවිතයේ පවතී.



මෙම තාර්කික ද්වාරයන් මගින් සිදුකරන තර්කනයන් ඉදිරිපත් කිරිමට යොදාගන්නා දත්ත සටන සත්‍යතා වගුව(truth table) ලෙස හදුන්වයි. මෙම සත්‍යතා අගයන් තුල සිදුකලයුතු ගණිතකර්ම සිදුකිරීමට මෙහිදී යොදාගන්නා විශේෂ ගණිත ක්‍රමය බුලියානු වීජ ගණිතය(Boolean algebra) ලෙසින් හැඳින්වෙයි.


AND Gate


මෙම තාර්කික ද්වාරයට inputs දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබිය හැකි නමුත් එක output එකක් පමණක් දැකිය හැකිය

  ඉහත සත්‍යතා වගුව පරිදි මෙයට ලැබෙන සියලුම inputs 1 අවස්ථාවේ පැවතියහොත් පමනක් output ලෙස 1 ලබාගත හැකි වන අතර අනෙකුත් සියලුම අවස්ථාවන් වලදී output ලෙස දැකිය හැකි වන්නේ 0 අවස්ථාවය


OR gate


මෙම තාර්කික ද්වාරයටද inputs දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබිය හැකි නමුත් එක output එකක් පමණක් දැකිය හැකිය

 ඉහත සත්‍යතා වගුව පරිදි මෙයට ලැබෙන සියලුම inputs 0 අවස්ථාවේ පැවතියහොත් පමනක් output ලෙස 0 ලබාගත හැකි වන අතර අනෙකුත් සියලුම අවස්ථාවන් වලදී output ලෙස දැකිය හැකි වන්නේ 1 අවස්ථාවය


XOR gate


මෙම තාර්කික ද්වාරයටද inputs දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබිය හැකි නමුත් එක output එකක් පමණක් දැකිය හැකිය

ඉහත සත්‍යතා වගුව පරිදි මෙයට සමජාතීය inputs ලැබෙන අවස්ථාවේදී පමනක් output ලෙද 1 ලබාදෙන අතර අනෙකුත් සියලුම අවස්ථාවන් වලදී output ලෙද 0 ලබාදේ


NOT gate


සෑම විටම මේම ද්වාරයේ input සහ output එක බැගින් පිහිටයි.

මෙම තාර්කික ද්වාරයට ඉහත සත්‍යතා වගුව පරිදි input ලෙස 1 ලබා දුනහොත් output ලෙස 0ද input ලෙස 0 ලබාදුනහොත් output ලෙස 1 ද ලබාගත හැකිය.


NAND gate


මෙම තාර්කික ද්වාරයටද inputs දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබිය හැකි නමුත් එක output එකක් පමණක් දැකිය හැකිය

ඉහත සත්‍යතා වගුව පරිදි මෙයට ලැබෙන සියලුම inputs 1 අවස්ථාවේ පැවතියහොත් පමනක් output ලෙස 0 ලබාගත හැකි වන අතර අනෙකුත් සියලුම අවස්ථාවන් වලදී output ලෙස දැකිය හැකි වන්නේ 1 අවස්ථාවය

මෙය AND gate සහ NOT gate එකතුවී සෑදුණු ව්‍යුත්පන්න අවස්ථාවකි


NOR gate


මෙම තාර්කික ද්වාරයටද inputs දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබිය හැකි නමුත් එක output එකක් පමණක් දැකිය හැකිය

ඉහත සත්‍යතා වගුව පරිදි මෙයට ලැබෙන සියලුම inputs 0 අවස්ථාවේ පැවතියහොත් පමනක් output ලෙස 1 ලබාගත හැකි වන අතර අනෙකුත් සියලුම අවස්ථාවන් වලදී output ලෙස දැකිය හැකි වන්නේ 0 අවස්ථාවය.

මෙය OR gate සහ NOT gate එකතුවී සෑදුණු ව්‍යුත්පන්න අවස්ථාවකි


XNOR gate

මෙම තාර්කික ද්වාරයටද inputs දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබිය හැකි නමුත් එක output එකක් පමණක් දැකිය හැකිය

ඉහත සත්‍යතා වගුව පරිදි මෙයට සමජාතීය inputs ලැබෙන අවස්ථාවේදී පමනක් output ලෙස 1 ලබාදෙන අතර අනෙකුත් සියලුම අවස්ථාවන් වලදී output ලෙස 0 ලබාදේ.

මෙය XOR gate සහ NOT gate එකතුවී සෑදුණු ව්‍යුත්පන්න අවස්ථාවකි.

Sign In or Register to comment.