Skip to content

ශීතකරණයක ක්‍රියාකාරිත්වය (Operation of the refrigeration system)

ඇත්තටම මන් ඊලග discussion එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ construction material කියන subject එක යටතේ තියෙන අනු කොටසක් වන Timber seasoning කියන section එකට. ඒත් එකේ  progressive kiln යටතේ තියෙන කොටස වඩාත්ම පැහැදිලි වෙයි කියලා හිතනවා මන් ශීතකරණයක ක්‍රියාකාරිත්වය කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරානම්.මොකද මට timber seasoning කියන section එක හොදටම තේරුනේ මන් කලින් ශීතකරණයක ක්‍රියාකාරිත්වය දැනන් හිටිය නිසා.

ඉතින් මේ Article එකෙන් මන් ශීතකරණයක ක්‍රියාකාරිත්වය වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්..


ඉස්සෙල්ලම අපි බලමු ශීතකාරකයක් කියන්නේ මොකද්ද කියලා..

ශීතකාරක

තාපය අවශෝශනය හා පිට කිරීම හරහා ද්‍රව හෝ වායු තත්වයට පත්වන ශීතකරණ පද්දති තුල ක්‍රියාත්මක වන විශේශිත ද්‍රව්‍යයක් ශීතකරණයක් වශයෙන් හදුන්වයි.

ශීතකාරක වර්ග,

            1) ප්‍රාථමික ශීතකාරක 

            2) ද්විතීයික ශීතකාරක 


ප්‍රාථමික ශීතකාරක 

උශ්ණත්වය 0 C° ට වඩා වැඩි අවස්ථාවන්හිදී භාවිතා වන තරල යන්ත්‍ර වේ. 

 Eg:- ලුණු 

          ජලය (රේඩියේටරයට ජලය දැමීම)


ද්විතීයික ශීතකාරක 

ශීතකරණයක පද්දති වල දක්නට ලැබෙන්නේ මෙම ශීතකාරකයයි.මේවා 0C° ට වඩා පහල අවස්ථාලදී ද්‍රව හෝ වායු ත්ත්වවල පවතී.

       Eg:- CFC  (R10,R11,R12)

            ACFC ( R20,R22,R23)

            HFC  ( R600A)


දැන් අපි බලමු ශිතකරණයේ ක්‍රියාවලිය ගැන 


මෙහි අධිපීඩන කලාපය හා අවපීඩනය කලාපය යනුවෙන් කොටස් 2 ක් පවතී. අධිපීඩන කලාපය ශීතකරණයේ භාහිර කොටසේත්.අවපීඩන කලාපය ශීතකරණයේ අභ්‍යන්තර කොටසේත් පවතී.

අධිපීඩන කලාපයට,

           සම්පීඩකය (Compressor)

           ද්‍රැවීකාරකය(Condensor) යන කොටස් අයත් වේ.

අවපීඩන කලාපයට,

            ප්‍රසාරණ කපාටය( Expension value)

            වාශ්පීකාරකය (Eveperator) ලෙස කොටස් දෙකක් ඇත.



සම්පීඩකය (Compressor)

අඩු පීඩනයේ හා අඩු උශ්නත්වයේ පවතින ශීතකාරක වායුව සම්පීඩකය තුලදී වැඩි පීඩනයකින් හා වැඩි උශ්නත්වයකින් පවතින ශීතකාරක වායුවක් බවට පත්කිරීම මගින් සම්පීඩනය කර ද්‍රැවීකාරකය වෙත ගමන් කිරීමට සලස්වයි.


ද්‍රැවීකාරකය (Condensor)

වැඩි පීඩන හා වැඩි උශ්නත්වයකින් පැමිණි ශීතකාරක වායුවේ උශ්ණත්වය පිට කිරීම මගින් වැඩි පීඩනයකින් හා වැඩි උශ්නත්වයකින් පවතින් ශීතකාරක වායුව ද්‍රවයක් බවට පත් කරයි.පහළ සිට ක්‍රමයෙන් මුදුන් සීමාව වෙතට ශීතකකාරකය ගමන් කරන විට ශීතකාරක ද්‍රවයේ පීඩනය හා උශ්ණත්වය ක්‍රමයෙන් පහල අගයකට පැමිණේ.



ප්‍රසාරණ කපාටය( Expension value)


පීඩනය හා උශ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින ශීතකාරක ද්‍රවයේ උශ්ණත්වය හා පීඩනය තවදුරටත් පහළට ගැනීම සදහා ප්‍රසාරණ කපාටය තුලදී වැඩි වර්ගඵලය ඔස්සේ ශීතකාරක ද්‍රවය මුදාහැරීම සිදු කරයි.



වාශ්පීකාරකය  (Eveperator)

පීඩනය හා උශ්ණත්වය අඩු කරගත් ශීතකාරක ද්‍රවය ශීතකරණය අභ්‍යන්තරයේ ඇති වාශ්පීකාරකය වෙතට ගමන් කිරීම සිදු වේ.වාශ්පීකාරකය තුලදී ශීතකරණය අභ්‍යන්තරයේ ඇති ගුප්ත තාපය අවශෝශනය කරගෙන ද්‍රව තත්ත්වයේ පැවති ශීතකාරකය වායු තත්ත්වයට පත් වේ.ඉන්පසුව නැවතත් සම්පීඩකය වෙත ගමන් කරයි.

මෙය චක්‍රයක් ලෙසි නොනවත්වාම සිදු වේ.


මන් හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා.අපැහැදිලි තැනක් තියෙනවා නම් comment section එකෙන් අහන්න මන් පිලිතුරු ලබා දෙන්නම්.

Comments

  • wahaneka AC system ekaka wenneth oya kriyawaliyama neda

  • Oww මෙහෙම වෙනවා එක thermo syphon liquid circulation system එකේ. ඒ කියන්නේ කූලින් සිස්ටම් 2ක් තියෙනවානේ ඒ 2 න් එකක් ශිතකරනයේ ක්‍රියාවලියට සමානයි.

Sign In or Register to comment.