Skip to content

හරියටම google search කරන්න tips ටිකක්.

1. Search කරන්න ඕන keyword එක ඉස්සරහින් allintitle: කියලා type කරලා search කරන්න. එතකොට අදාල දේ Title එකේ තියන web pages, videos වගේ දේවල් විතරයි අපිට පෙන්නන්නෙ. අනවශ්‍ය website, advertisements එහෙම එන්නෙ නෑ. ඒ වගේම අදාල keyword එකෙන් google එකේ තියන results ගානත් බලාගන්න පුළුවන්.

උදා: how to change colour කියන එක අපිට search කරන්න ඕන නම් මේ විදියට type කරන්න.

allintitle:how to change colour

2. අපිට අවශ්‍යයි නම් එක website එකක සියලුම articles හා index වුන pages බලාගන්න මේ විදියට search කරන්න.

Site:sitename.com

site name කියන තැන ඔයාට search කරන්න ඕන web එකේ domain name එක දෙන්න. එතකොට අදාල site එකෙ google එකේ index වෙලා තියන හැම දෙයක්ම පෙන්නනවා.

3. අපිට මොකක් හරි නමකින් තියන file එකක් අවශ්‍යයි නම් මේ විදියට search කරන්න පුළුවන්. මේ file කියන්නෙ pdf, docx, txt, ppt වගේ දේවල්.

Keyword filetype:pdf

මෙතන keyword කියන තැනට ඔයා search කරන දේ type කරන්න. අන්තිමට අවශ්‍ය file type එක. එතකොට අදාල keyword එකෙන් තියන අදාල files විතරයි google එකේ පෙන්නන්නෙ.

4. අපිට link එකක් search කරන්නත් පුළුවන් google වල. ඒ කියන්නෙ අපි search කරන keyword එකෙන් සැකසිලා තියන web link හොයාගන්න පුළුවන් මේ ක්‍රමයෙන්.

allinurl:keyword

5. අපි search කරන වචනය හෝ වාක්‍ය ඇතුලත් web pages සේරම මේ ක්‍රමයෙන් බලාගන්න පුළුවන්. එතකොට Web page වල තියන සාමාන්‍ය paragraph වල, text වල හා h1, h2 වගේ title වල ඔයා හොයන වචනෙ තිබ්බොත් search results වලදි පෙන්නනවා.

allintext:keyword

6. අපිට එක ප්‍රදේශයක කාලගුණ තත්වය හරියටම බලාගන්න පුළුවන් මේ විදියට.

weather:colombo

7. එක ප්‍රදේශයක map එක බලාගන්න ඕන නම්,

map:colombo

8. යම් පුද්ගලයෙකුගේ නමින් හෝ වෙනත් keyword එකකින් ඇති චිත්‍රපටියක් search කරනව නම් මේ විදියට. මෙහෙම search කරාම ඒ keyword එකට අදාලව තියන films බලාගන්න පුළුවන්.

Movie:steve jobs

9. මේ ක්‍රමය backlinks build කරන අයට එහෙම වැදගත් වෙයි. මේකෙදි අපිට අවශ්‍ය anchor text සහිත web page හොයාගන්න පුළුවන්.

allinanchor:keyword

මොකක් හරි link එකකට අපි හොයන වචනෙ anchor text කරපු web pages ටික මේකෙන් බලාගන්න පුළුවන්.

10. ලබාදෙන ප්‍රදේශයක් තුල සඳහන් keyword එකක් හොයාගන්න මේ ක්‍රමයෙන් පුළුවන්.

loc:"colombo"apple

Apple ගැන colombo area එක තුල සඳහන් web pages වගේ දේවල් හොයාගන්න පුළුවන්.

ඒවගේම මෙතන තියන all කියලා තියන search codes හැම එකම all නැතුවත් භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදියට allintitle: කියන එක intitle: කියලත් keyword එකක් දාලා search කරන්න පුළුවන්. එතනදි එන්නෙ ඒ අදාල keyword එක සහ වෙනත් වචනත් ඇති සියලු දේ. All දැම්මම අදාල වචනය විතරක් ඇති සියලුදේ google එකේ බලාගන්න පුළුවන්.

මේ වගෙ code ගොඩක් තියනවා මෙතන 10යි තියෙන්නෙ. හොයලා බලන්න ලොකු වැඩක් ගන්න පුළුවන්. වැරැද්දක් තියනවනම් නිවැරදි කරන්න.


උපුටා ගැනීමකි.

සම්පූර්ණ ගෞරවය දාපු කෙනාට

Sign In or Register to comment.