Skip to content

නව තාක්ෂණය හා ඉදිරි දශකයේ රැකියා වෙලදපොළ

මේ දවස් වල හුගක් අය අහන ප්‍රශ්නයක් තමයි IT වලින් ඉස්සරහට ඉගෙනගන්නවා නම් අනාගතය ගැන හිතලා ඉගෙනගන්න හොද මොනවාද කියන එක. 

මට හිතෙන විදිහට, මම මේ පහල සදහන් කරලා තියෙන කැටගරිස් වලට සම්බන්ධව ඉගෙනගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ඉස්සරහට ගොඩක් දුරට ලෝකය පුරාම ව්‍යාප්ත වෙයි කියලා හිතන්න පුලුවන් මෙයට අදාල තාක්ෂණයට සම්බන්ධ වෙන දේවල්. මේවා හුගක් අයට අලුත් උනාට දැනටමත් ක්‍රියාත්මක මට්ටමේ තියෙන තාක්ෂණයන්.  

ඉදිරි දශකය තුල ඒ කියන්නේ 2030 වෙනකොට මේ හැම ඉන්ඩස්ට්‍රිස් එකකම ලොකු වෙනසක් ලෝකය පුරාම බලාගන්න පුලුවන්. 

1. Artificial Intelligence: Artificial Intelligence/Machine Learning/Deep Learning - 

ආටිෆශල් ඉන්ටලිජන්ස් නැත්තං කෘතිම බුද්ධිය. මේ කියන සංකල්පය ලොව පිලිගත් විශාල ආයතන මේ වෙනකොට යම් තාක් දුරකට භාවිතා කරනවා. මම මේ ගැන කියන්නේ මමත් කාලයක් ඒ තාක්ෂණය භාවිතා කල ආයතනයක ලොකු කාලයක් සේවය කරලා එයාලා ඒවා පාවිච්චි කරනවා දැකලා තියන නිසා.

ඉගෙනගන්න කවුරුහරි හිතනවා නම් ඉස්සරහට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා කියලා මම හිතනවා. මේ වගේ දේවල් තාම අපිට අලුත්. ඒක නිසා හැමෝම පටන් ගන්න කලින් හොයලා බලන්න ඒ වගේ දෙයක් කරන්න පුලුවන් පොසිබිලිටි එක මොකක්ද කියලා. 

2. Immersive Media: Virtual Reality/ Augmented Reality/ Mixed Reality / 360° /Video Gaming 

මේක ටිකක් ගේමිං පැත්තට බරයි. වීඩියෝ ක්‍රීඩා සත්‍ය ස්වරූපයෙන්ම පෙන්නන්න මේ වෙද්දී ගොඩක් වීඩියෝ ගේම් හදන අය උත්සාහ කරනවා. ඒ කියන්නේ virtual reality පැත්ත. එහෙම නැත්තං ගේම් එකක් සෙල්ලම් කරනකොට එකේ තියන ලයිව් ගතිය දැන් ගොඩක් වැඩි වෙලා. හුගක් VR Box කියන එක දැනටමත් ජනප්‍රිය tool එකක් කියලා ගොඩක් අය දන්නවා ඇති. අපි ඉස්සර සෙල්ලම් කරපු වීඩියෝ කැසට් එක දාලා වීඩියෝ ගේම් සෙල්ලම් කලා වගේ නෙමෙයි. ඒවත් එන්න එන්නම ඉස්සරහට යනවා. ඒක නිසා මේ පැත්ත ගැනත් පොඩ්ඩක් උනන්දු වෙලා බලන්න. 

3.Robots: Construction, Industrial Robots, Drones & Autonomous Vehicles

රොබෝවරු - මේකට නම් හොදම උදාහරණය අපේ රටේ "දියසෙන්". ඉදිරියේදි නෙලුම් කුලුණු පරිශ්‍රයේදී මෙයාව බලාගන්න පුලුවන් කියලා තමයි මෙයා අයිති ආයතනය කියන්නේ. ගොඩක් දුරට ඉස්සරහට රොබෝවරු සමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි කාර්මික වැඩකටයුතු සියල්ලම පවරගනි කියලා හිතන්න පුලුවන්. ඒ වගේම ගෙදර දොරේ වැඩ කටයුතුවලට පවා ඉදිරියේදි රොබොටික් තාක්ෂණය එකතු වෙන්නත් පුලුවන්. ඒ වගේම තමයි ඩ්‍රොන් තාක්ෂණය. දැනටමත් මගේ දැනීමේ හැටියට බඩු ප්‍රවාහන කරන්න ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරනවා. IT පැත්තට යන එක්කෙනෙක් ඉන්නවා නම් මේ ගැනත් හොයලා බලන්න. 

මේ දවස් වල වැඩිපුර කතාබහ වෙන අනිත් දේ තමයි mobile app development කියන එක. App store එකට ගියහම ඕනි එක්කෙනකුට බලාගන්න පුලුවන් නානාප්‍රකාර විදිහේ apps තියනවා ඕනිම වැඩක් කරන්න. ඇත්තටම ඒක වටිනවා. චීන්නූ මේ අතින් සෑහෙන්න ඉස්සරහින් ඉන්නවා. නිර්මාණශීලිත්වය අතින් එයාලා සෑහෙන්න ඉස්සරහට ගිහින් ඉන්නවා. හොදම උදාහරණය ටික්ටොක් ඇප් එක. ගූගල් ප්ලේ ස්ටෝර් එකට අනුව 1.5 බිලියන ප්‍රමානයක් download කරගෙන තියෙනවා එහෙම නැත්තං ගූගල් ඇප් ස්ටෝර් එකෙන් 75% ක ප්‍රමානයක්. ඉතින් බෑ කියලා නැ ඒකට ඕනි අදාල දැනුම විතරයි. දැනටමත් අපේ රටේ ඇප්ස් හදන අය ඉන්නවා. 

ඔයාලා දන්නවද දන්නේ නැ ඇමරිකාවේ කැලිෆෝනියාවේ දකුණු සැන්ෆ්‍රැන්සිස්කෝ වල එක් ප්‍රදේශයක් තියෙනවා "සිලිකන්වැලි" කියලා. එම ප්‍රදේශය තුල ටෙක් කම්පනි 2000කට ආසන්න ප්‍රමානයක් පිහිටලා තියෙනවා. ඒ ප්‍රාදේශය තුල ලොකයේ ලොකුම බ්‍රෑන්ඩ් නේම්ස් වල කම්පනි වල හෙඩ් ඔෆිස් පිහිටලා තියෙනවා. උදාහරණ විදියට හැමෝම දන්න ෆේස්බුක්, ගූගල්, ඇපල්, සිස්කෝ, ඉන්ටෙල් etc...

ඔයාලට මට ඇත්තටම කියන්න අවශ්‍ය උනේ ඇමරිකන් කම්පනි ගැන නෙමෙයි. අපේ රටේ අසල්වාසියා ගැන. මේ වෙද්දි ඇමරිකන් සිලිකන්වැලි වලට විශාල අභියෝගයක් එල්ල කරමින් ඉංදියාවේ බැංගලෝර් කියන ප්‍රදේශය IT වලින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට ලෝකයේ හැමෝම කතාවන දේ තමයි මීලග සිලිකන්වැලි වෙන්නේ ඉංදියාවේ බැංගලෝර් නගරය කියන එක. මම මේ පහලින් සදහන් කරලා තියෙන්නේ බැංගලෝර් වල ප්‍රාධානම IT companies 45. බලන්න එයාලා කොච්චර IT වලින් ඉස්සරහට ගිහින් තියෙනවා ද කියලා. 

බැංගලෝර් වල Top 45 IT companies 

1. Wipro

2. Infosys

3. Accenture

4. TCS

5. IBM

6. Oracle

7. Cognizant

8. Capgemini

9. Cisco

10. Mindtree

11. HCL

12. Mu Sigma

13. Amazon

14. Dell

15. HP

16. Tech Mahindra

17. SAP

18. Samsung R&D

19. Robert Bosch

20. Thomson Reuters

21. Honeywell

22. CGI Inc.

23. Mphasis

24. EY

25. Nokia

26. Deloitte

27. Intel

28. Huawei

29. Goldman Sachs

30. Flipkart

31. Microland

32. Sonata Software

33. Netcracker technology

34. TESCO Hindustan PVT Ltd

35. Larsen and Toubro Infotech

36. EdgeVerve

37. Microsoft

38. KPMG

39. Hitachi

40. Siemens

41. Google

42. Philips

43. Societe Generale

44. NTT Data Global Delivery Services

45. Intuit

ඉතින් අපි රටක් විදියට මෙයාලත් එක්ක තමයි ඉස්සරහට ෆයිට් කරන්න ඕනි. අනිත් එක තමයි ඉංදියාවේ මෑන් පවර් එක අඩුවට ලබා ගන්න පුලුවන්. පෞද්ගලිකවම මම ඒක දන්නවා. අපි ඒවටත් ඉස්සරහට මුහුණ දෙන්න ඕනි. බරපතළම ප්‍රශ්නය තමයි මේ වෙනකොට අපේ රටේ සමහරක් ආයතනත් ඉංදියාවෙන් එයාලට අවශ්‍ය IT වලට සම්බන්ධ දේවල් කරගන්නවා. 

ඒක නිසා කවුරුහරි හිතනවා නම් IT හරි නැ කියලා ඒක බොරුවක්. ඒ වගේම මේ කම්පනි පටන් ගත්ත හුගක් අය ඉස්සර පොඩි පොඩි ජොබ් කරලා පස්සේ තමයි තමන්ගෙම ආයතනය ආරම්භ කරලා තියෙන්නේ. 

සමහරක් අය කැමති ඒ වගේ මනස වෙහෙසලා වැඩ කරන්න ජොබ් එකක් කරන්න. එහෙම නැත්තං ජොබ් එකක් කරලා තමන්ට අවශ්‍ය දැනුම ලබා ගත්තට පස්සේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න. 

ඒක නිසා පුලුවන් තරම් අලුත් දේවල් වලට අනාගතයේ IT වලින් ඉදිරියට එයි කියලා හිතෙන දේවල් ඉගෙනගන්න.

මීට අමතරව තව තව අංශ ගොඩක් තියෙනවා ඉදිරි දශකයේ තාක්ෂණය තුල වෙනස්කම් වෙන්න පුලුවන් කියලා හිතෙන. ඒක නිසා හැමෝම කරන මොකක්හරි IT කෝස් එකක් කරලා ජොබ් එකකට යන්න කියලා හිතන් ඉන්නවා නම් මේ වගේ දේවල් ගැන සෑහෙන්න කල්පනා කරලා බලන්න. මම එහෙම කියන්නේ ඔයලා වියදම් කරන්නේ අම්මා තාත්තා අමාරුවෙන් ඉතුරු කරගත්ත සල්ලි නිසා. එයාලා එහෙම කරන්නෙත් මාසේ පඩිය අවුරුදු ගානක් ඉතුරු කරලා. ඒක නිසා දෙයක් පටන් ගන්න කලින් හොදට හොයලා බලන්න. එහෙම නැත්තං වෙන්නේ ආසාවෙන් IT course එකක් කරලා තමන්ට උවමනා දේ කරගන්න බැරි උනාම වෙන වෙන ජොබ් හොයන්න සහා කරන්න පෙලඹෙන එක.

ඉනූක අනුරුද්ධ ✍️


Sign In or Register to comment.